Thursday, January 31, 2019

සිර ගත වු සිතුවිලි අකුරු කලෙමි...!



ලෝකයේ තිබෙන මිහිපිට අපායවල් ගැන 4 ක් ඔයාලා මේ වෙනකොටත් අහලා ඇති නේද ?  ඕවා ගැන මගේ පෝස්ට්වලින් ඔයාලා කරුණු මීට කලින් දැනගෙන ඇති ඕනේ තරම්. 
ඇත්තටම හිරගෙයක් කියන්නේ උගතාට විශ්ව විද්‍යාලයක්...
හිඟන්නෙකුට දන්සැලක් වගේ..
පව්කාරයෙකුට අපායක් වගේ... කියන අර්ථකතන ටික හොඳටම ගැලපෙනවා නේද...?
කෙනෙකුට හිතෙන්න පුලුවන් මේ ලෝකේ තියෙන මහා ජරාම තැනක් හිරගෙදර කියලා. කිසි කෙනෙක් මේකට කැමැත්තෙන් එන්න හිතනවාද ? කිසිම වරදක් නැතුව නිකරුනේ සිරගත වෙන අය  කොච්චර ඇද්ද. හිරගෙයක් කියන්නේ අමුතුම උප සංස්කෘතියක් තියෙන සමාජයක් කිව්වොත් ඔබට පිලිගන්න වෙනවා. ඒ මොකද මේකේ ඇතුලේ ඉන්න හැම මනුස්සයෙකුගේම චර්‍යාවන්,හැසිරීම, කතා බහ වගේ දේවල්  සාමාන්‍ය සමාජයට වඩා ගොඩාක්ම වෙනස් ඉතින්..අද හිරගෙදර බාවිතා කරන අමුතුම වර්ගයේ වචන සෙට් එකක් ගැන තොරතුරු හෙලි කරන්නම්. ඒවායේ සරලා තේරුමත් ඉස්සරහින් ලියන්නම්.සමහර වචන කවදාවත් අහලා නැතුව ඇති ඔයාලා.
අච්චුකාරයා = සිර දඬුවම් නියම වු සිරකරු
අච්චු කරනවා= සිර දඬුවම් නියම කරනවා
ජම්පරය = සිර දඬුවම් නියමු සිරකරුවෙකුට ලබා දෙන ඝනකම රෙද්දකින් මැසූ අත් කොට කමිසය හා කොට කලිසම් සහිත kit එක ( මෙය ඇන්ඳ විට් විට පැන දිව යාමට අපහසු වේ )
කොන්ඩම්කාරයා = මරණීය දණ්ඩනයට ලක් වු සිරකරු මේ නමින් හඳුන්වයි. කොටු සරමක් හා අත් දිග කමිසක් මොවුන්ට හිමි වේ. ( ඉංගිරිසියෙන් Condemned Prisoner යන වචනය  මරණිය දන්ඩය නියම වු සිරකරුවන් හැඳින්වීමට භාවිතා කරයි. නූගත් සිරකරුවන් එය විකෲති කර කොන්ඩම්කාරයා යන වචනය භාවිතායට ගෙන ඇතැයි සිතිමි.
කොන්ඩම් දීම = එල්ලුම් ගසට නියම කීරීම
පාටිකාරයා = හිරගෙදර එක් එක් වැඩ අංශ තුල වැඩ කරන සාමාන්‍ය සිරකරු මේ නමින් හඳුන්වයි.
පාටිය = හිරගෙදර තුල තිබෙන එක් එක් වැඩ අංශ මේ නමින් හැදින්වෙයි. තමුන් එලියේ කරපු රැකියාවට ගැලපෙන ඇතැම්  වැඩ අංශ බන්ධනාගාරය තුල පවති.
ලිබර්ටිය = සිර දඬුවම් නියම වු පුද්ගලයන් පිටත සමාජය හා උසාවි වෙත ඉදිරිපත් කිරීමේදි  ජම්පරය වෙනුවට ඔවුන්ට අඳින්නට ලබා දෙන ජාතික ඇඳුමට සමාන  සුදු පාට අත්දිග කමිසය හා සරම මේ නමින් හඳුන්වයි.
ඇස්කොට් උස්සනවා = සිරකරුවන් එක තැනකින් තව තැනකට ගෙන යාමේ ක්‍රියාවලිය මේ නම් වේ. ( මෙහි නියම ඉංග්‍රිසි වචනය Excort හෙවත් ආරක්ෂණය යන්න විකෲති කොට භාවිතා කර තිබේ. )
බත් මඩුව = සිරකරුවන්ට කෑම බෙදන ශාලාව මේ නමින් හඳුන්වයි.
එස්.ඩී = විශේෂ සේවා සිරකරු මේ නම් වේ. ( Special Duty Prisoner යනු ගොඩාක්ම විශ්වාසනීය සිරකරුවන් බන්ධනාගාරය තුල කාර්‍යාල හා පරිපාලන කටයුතු වලට දායක කර ගනී
මොවුන්ට වෙනම බැජ් එකක් එකක් හිමි වේ)
බෝඩරය =එක් එක සිරකරුවන්ට වාට්ටුවක් තුල ලබා දෙන වෙනම වෙන් කරපු ස්තානය මේ නමින් හැදින්වෙයි. දිග ශාලාවක Coloums කොන්ක්‍රිට් කණු දෙකක් අතර කොටස බෝඩරය ලෙස් හදුන්වයි. ඒ අනුව පිලිවෙලින් 1 වන බෝඩරය , 2 වන බෝඩරය, 3,4,5,6,7,8....ආදි වශයෙන් එම ස්තාන එකිනෙකා අතරේ බෙදා දෙයි. ඔවුන් බිම නිදා ගැනීම කල යුත්තේ අදාල බෝඩරයට අයිති සිමාව තුලය.
මනිය = බන්ධනාගාරය තුල සිරකරුවන්ට වෙලාව දැනුම් දීම සඳහා භාවිතා කරන ටකය වැනි උපකරය මේ නම් වේ.
මේ කරුණු කාරණා කොහෙන්වත් කොපි කරපු ඒවා නොවන බව සලකන්න. මගේම පුද්ගලික අදහස් බව සලකන්න .හිරේ ගිය අය ඉන්නවා නම් මේවා ගැන මතක් වේවි. මේ ලිපි මාලාව ඉස්සරහට ගෙනියනවා ඔයාලා වෙනුවෙන් .මේකයි අපි මොන දේ ලිව්වත් මේ කරුණු සමහර අයට රස වෙන්නත්...තවත් අයට වස වෙන්නත් පුලුවන්. මිනිස්සුන්ගේ චිත්ත චෛතසික ස්වභාවය අපිට වෙනස් කරන්න බැහැ නේ.
නැවත හමු වෙමු....!
@සංකල්ප හේරත්

Tuesday, January 1, 2019

බේබද්දෙකුගේ මනෝවිකාර




ඔන්න අලුත් අවුරුද්දකුත් ලැබුවා. ඊයේ ඉඳන් අද වෙනකම් හැම තැනම පාටි දාලා අලුත් අවුරුද්ද සමරනවා කට්ටිය සෙට් වෙලා. කන බොන කොල්ලෝ පොඩි ආතල්  එකක් ගන්න ටීම් පිටින් බෝතල් පාටි ඕගර්නයිස් කරලා. සමහර  ඔෆිස්වල වර්ෂයේ අවසාන පාටි  සංවිධානය කරලා ආතල් ගන්න.තවත් සමහර එවුන් ආතල් එකක් ගන්න අවුරුද්දට කලින් බඩු ගෙදර ගෙනත් තියාගෙන කසාය බොනවා වගේ ටිකෙන් ටික හොරෙන්  බොනවා.ඒකත් අමුතුම ආතල් එකක්. කන  බොන එකට ගැහැනු ,පිරිමි භේදයක් නැහැ බං.බේබද්දෝ වගේම හොඳ බේබද්දියෝත් ඉන්නවා පාටිවලදි කරටි කැඩෙන්න ගහනවා. ඒවා ලොකු දේවල් නොවෙයි බං අලුත් සමාජයට. වෙරි මරගාතේ ඉන්න ගමන් හොඳ අදහස් ටිකක් ආවා හිතට.  ඒ ටික ලියන්න හිතුනා බං. අලුත්ම අත්දැකීමක් වේවී මං වගේම මේ 2019 අවුරුද්ද සමරන බේබද්දන්‍ට මේ Tips ටික. මේ වගේ ත්‍රීල් එකක් ගැන මීට කලින් බේබද්දෙක් සමාජ ජාලයකට ලියලා තියෙනවාද කියලා හිතෙනවා. ලෝක වාර්තාවක් වෙන්නත් පුලුවන් වේවි.

* ගොඩාක්ම ගැහැනු  අය කියනවා බොන්නේ නැති පිරිමි ගොඩාක්ම කුඩුකේඩු කියලා. ඒකට හේතු මම කියන්න දන්නේ නැහැ . මේ ගෲප් එකේ ඉන්න ගැහැනුන්ගෙන් අහලා බලමු නේද ? ඒක ඇත්තක්ද ? ඊට හේතු මොනවාද කියලා ? නොබොන එවුන් මේ පොයින්ට් එක දැකලා  සුවර් එකටම කොක්කට නම් එන්න එපා..

* උබලා අහලා ඇතිනේ ඕනෑම මිනිහෙක් තුල තිරිසනෙක් ජීවත් වෙනවා කියලා. ඒ  කියන්නේ පියවී ලෝකයේ මිනිසා හුදෙක්ම රඟපෑමක් කරන්නේ කියලායි. මිනිහාගේ තිරිසන් ගති මිනිසාගේ බුද්ධිය නිසා යටපත් කරගෙන ජීවත් වෙන්නේ කිව්වොත් හරි නේද ? ඒ තිරිසනාගේ ස්වභාවය එලියට එනවාලු ඌ හරී ඒකී හරි බේබද්දෙක් වෙලා පිස්සු කෙලිනකොට.

* ගොඩාක් එවුන්ට බිව්වට පස්සේ අමුතු අමුතු අදහස් එනවාලු . මෙන්න බේබද්දන්ගේ  ප්‍රභේද ටික බලාගනිල්ලා.

1) සමහර එවුන්  දාර්ශනිකයින් හා මහාචාර්ය වරු පොර ටෝක් දෙන්නේ..ඇරිස්ටෝටල්..අයින්ස්ටයින් පරාදයිලු උන්ගේ අදහස්වලට. හරියට  මේ පෝස්ට් ලියපු මම වගේනේ. බලහන් වක්කඩේ කැඩුවා වගේ අදහස් ගලාගෙන එන හැටි.

2) තවත් සමහරු පොඩි එවුන් වගේලු. තනියමෙන් හිනා වෙවී " තනී චූන් ගන්නවලු " කාටත්ම කරදරයක් නැහැ ඒ වගේ එවුන්. කලිසමේ චූත් යනවා ඩෝප් වැඩි වුනාම පොඩි එවුන් වගේ.

3) තවත් එවුන් කරටි කැඩෙන්න බිව්වාම වලි පොලියට ගන්නවාලු.පුදුම ඇණයක්. ගියතැන විනාශයි. කා එක්ක හරි කොක්කක් දාගන්නවා.පුදුම මරාල මේ වගේ එවුන්. උන් වචනයක් රචනයක් කරන්න දක්ෂයි වලි වලට.

4) අනික් කොට්ඨාසය හොඳට බිව්වම  උන්ගේ වල්කම, කුප්පකම දෝරේ ගලනවා.  ගැහැනියක් දැක්කොත් විනාශයි. මේ ලඟදි අපේ යහලුවෙකුගේ වෙඩිමකදි ඩාන්ස් කරපු කෙල්ලෙක්ගේ පුප‍  මිරිකලා  බේබදු යහලුවෙක් ලොකු වලියක් ගිහින් වෙඩිම තව පොඩ්ඩෙන් අවමඟුලක් වෙන්න ගියා. ගාල්ලේ දඩල්ල පැත්තේ මාලු කපන මන්නයක් අරගෙන ආවේ කියහන්කෝ අපේ ගැන්සියට ගහන්න. කාමරයක දාලා අපිව වැහුවා. වැදලා බේරිලා ශේප් වුනා බං. මන්න ,කැති දකිනකොට  වෙරි බැස්සා බොලව්

5) තවත් බේබදු කොට්ඨාසයක් ඉන්නවා බිව්වාම වංසේ කබල් ගාන එවුන් කයිවාරු විතරයි. කතාවට වගේ සෙට් වුනොත් මහ ඇණයක් වෙනවා. බේරිලා නැඟිටින එක නම් බොරු උන් එක්ක සෙට් වුනොත්. රෑට මල ගෙවල්වල නිදි මරන්න හොඳයි.

6) සමහරු හොඳට බිව්වා මලු ගායකයෝ..නර්තකෝයෝ වෙන්නේ. වෙඩිමකදි  ඩාන්ස් කරන්න නම් " නැටුම් තෙල් " ඇඟට වැටෙන්න ඕනේලු. ගෲප් එකත් චොර කරනවා තාලයෙන් පිට සිංදු කියන්න ගිහින්. අන්තිමේදී සිංදු කවි කරනවා. කවි සිංදු කරනවා..ඩෝප් වැඩි වෙලා

ඒ නිසාම පාටිවලට ඉන්වයිට් කරනකොට සතා  මොකක්ද කියලා දැන හැඳුනගෙන ඉන්වයිට් කලොත් හොඳයි නේද ? නැතිනම්  උබලගේ කාඩ් එක කුඩේ කුඩු...😣😣

* බේබදුකම හා ලිංගිකත්වය :  අන්තිමට මේකත් මතක් වුනා. කතාවක් තියෙනවා කොල්ලෝ නම් අහලා ඇති. හොඳට කාපං...හොඳට බීපං...හොඳට හු#%පං... කියලා. ගොඩාක් උන් හිතාගෙන ඉන්න හොඳට බිව්වාම පිරිමියෙකු සෙක්ස් අතින් ගොඩාක්ම ඇක්ටිව් කියලායි. ඔය හැම එකකටම තමුන්ගේ හිත තමයි. ගොඩාක් ගැහැනු කැමැතියි කුබුර ගොඩාක් වෙලා හාරනවා නම්. ඒත් ඉතින් අර ගඳ ඉවසන්නේ කොහොමද ? හැමදාම බීලා රෑට ගෙදර එන මිනිහෙකුගේ ගැහැනු කෙනෙකුට නම් ඔය ගඳ නැතුව රෑට නින්ද යන එකකුත් නැහැ. මේකේ ඉන්න ගැහැනුන්ගේ අහල බලමු උන්ගේ අත්දැකීම් මොනවාද කියලා ? කවුද දන්නේ අර වැඩේ පැත්තක තියලා ගැහැනිගේ බඩ උඩ බේබද්දා ගොරෝ ගොරෝ දොයිද කියලා.

මේ කරුණු ගැහැනු ,පිරිමි දෙගොල්ලන්ටම අදාල ඇති කියලාත් වෙලාවක හිඳෙනවා.  ලියන්න දැන් දාර්ශනික අදහස් එන්නෙත් නැහැ.ඔලුවත් කරකැවෙනවා.අකුරුත් ඩබල් වෙලා පේන්නේ. ඒ නිසා දැන් ඇති. උබලට හිතෙන ඕනේම මඟුලක් මේකට කමෙන්ට්ස් කරපල්ලා, වෙරි හිඳුනම හෙට ඇවිත් බලන්නම් උබලගේ පියවි ලෝකයේ කමෙන්ට්ස් මොනවාද කියලා. බීමට විරෝධී උන් මේකට බැනලා කමෙන්ට්ස් කරන්න යන්න එපා. කියවලා පාඩුවේ ඉඳලා හිතින් බැනපන්. වෙනදට මගෙන් ගලාගෙන එන්නේ නැති වාචාල වචන සෙට් එකක් අද කොහෙන් ගලාගෙන ආවාද මන්දා...?

සැමටම සුබ අලුත් අවුරුද්දක් වේවා..! කොල්ලනේ ආතල් කුඩේ කුඩුනේ...! තව ටිකකින් ඇඳට  වැටෙමු...!

කර්තෘ අයිතිය බාබේද්දන් පිරිසක් සමඟ සව්දිය පුරමින් අවුරුදු සමරන ©සංකල්ප හේරත්ගෙනි. විනාඩි 30 කින් ඉක්මනටම ලියලා ඉවර කරා වැඩේ දෙල් වේවි කියලා. යකුනේ මෙය මිතුරන් අතරේ ශෙයාර් කිරීමෙන් අපහසුතාවයට ලක් නොකරන ලෙස හොඳ හිතින් ඉල්ලා සිටිනවා. 🙏😣😣