Saturday, December 22, 2018

කුඩු ගැහුවොත් කුඩේ කුඩු


අද ලියන්න හිතුනා ශ්‍රී ලංකාවට දරුණු විදිහට බලපාන හෙරොයින් ව්‍යසනය පිලිබඳව. ඇත්තටම මේක ලංකව තුල දැනට කරකැවෙන ලොකුම ලොකු විෂ බීජයක් කියලා කිව්වොත් හරි. පාසැල් සිසුන් පවා මේ සඳහා ඇබ්බැහි කරගැනීම සඳහා  හෙරොයින් ජාවාරම්කරුවන් උපක්‍රම යොදාලා තියෙනවා. පාසැල් ආසන්නයේ මත් පෙති, මත් ටොපි වැනි දේ හොර රහසේ ලමයින්ට අලෙවි කරනවා. ශ්‍රී ලංකාවේ දැනට පවතින  නීතියට අනුව සංශුද්ධ හෙරොයින් ග්‍රෑම් 2 ක් ලඟ තබා ගැනීම හෝ අලෙව් කිරීම සඳහා මහාධිකරණය ඉදිරියේ වැරදිකරුවෙකු වෙන අයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්  හෝ මරණීය දණ්ඩනය නියම කල හැකි වේ. ඒත් ශ්‍රී ලංකාව තුල මරණීය දණ්ඩනය  ක්‍රියාවට නොනැංවීම නිසා හෙරොයින් ජාවාරම්කරුවන්ට මොන දඬුවම් ලැබුනත්  එය නතර කරන බවක් පෙනෙන්නට නැහැ.ජීවිතාන්තය දක්වා සිරගත වුනත් සිපිරිගෙයි ඇතුලේ ඉඳන් හොරෙයින් ජාවාරම් කරන්නට ඔවුන් පෙළඹෙනවා.

" කොහොමද මේ බිස්නස් නතර කරලා...අපි ජීවත් වෙන්නේ...අපිට හයිකෝට් නඩු 4-5 ක් වැටිලා..ලෝයර්ස්ලාට පූජා කරන්න සල්ලී ඕනේ..ඒ මදිවට අපේ ගෝල බාලයෝ හිරගෙවල්වල..මාසෙට සැරයක් පගාව දෙන්න ඕනේ...උන්ගේ දරු පවුල් බලාගන්න  ඕනේ...ඒ නිසා සාමාන්‍ය ජොබ් එකක් කරලා දැන් අපිට ජීවත් වෙන්න බැහැ...අපි දැන් කොහොමත් හිරේ යන්න හිත හදාගෙන ඉවරයි.."

මේ පෝස්ට් එක කියවනකොට කෙනෙකුට හිතෙන්න පුලුවන් මොකක්ද මේ සංශුද්ධ හෙරොයින් කියලා. මෙහෙමයි ඔරිජිනල් කුඩුවල බර වැඩි කරන්න විවිධ ද්‍රව්‍ය එකතු කරනවා. පැනඩෝල් පෙති කුඩු කරලා දානවා.  ඒ කරන්නේ තමුන්ගේ ගොඩ වැඩි කිරීමයි. හෙරොයින් පිලිබඳ නඩුවකදි මුලින්ම සිදු කරන්නේ  අදාල කුඩු ප්‍රමාණය  රජයේ රස පරීක්ෂක්වරයා වෙත  යවා නියම හෙරොයින් ප්‍රමාණය  ( සංශුද්ධ ) එහි අඩංගු ඇතිදැයි පරීක්ෂා කීරීමයි. වර්තමානයේදි ශ්‍රී ලංකාව තුල මුදලට හැම වාර්තාවක්ම වෙනස් කල හැකිය. ඒ අනුව සමහර හෙරොයින් ජාවාරම්කරුවන්
ගේ රස පරීක්ෂක වාර්තාවලින් කියැවෙන්නේ නියම හෙරොයින් නොවන බවයි. එක්කෝ ග්‍රෑම් 2 ට අඩු වාර්තාවක් හදාගෙන නඩුවෙන් බේරෙන්නට උත්සාහ කරයි. ඉතින් කොහොමද ලංකාව තුල මෙම ජාවාරම් නතර කරන්නේ කියන්නකෝ..පහුගිය කාලේ ලංකාවේ  අල කන්ටේනර් එකක් ඇතුලේ හෙරොයින් මහා ප්‍රමාණයක් අහු වුනා. ඒවාට අද වෙනකොට වැටිච්ච නඩුවකුත් නැහැ. ඒ බඩුවලට මොනවා වුනාද දන්නේ නැහැ.මහාපරිමාණ තල්මසුන් , මෝරුන් නීතියේ දැල් අස්සෙන් බේරිලා රිංගලා යාවි. හාල්මැස්සන් විතරක් දැලේ පැටලේවි.

ගොඩාක්ම කුඩුගහන එවුන්ගේ ගැහැනු ගිනි කිකිලියෝ වගේ ලස්සන මොකෝ...??

මේ ගැනත් මට ලියන්න හිතුනා. ඇයි මෙච්චර ලස්සන ගැහැනු කූඩුකාරයෝ එක්ක එකට ජීවත් වෙන්නේ කියලා. ගොඩාක් අය හිතගෙන ඉන්න ඇති කුඩු කාරයෝ කුඩු ගහලා ගෑනුන්ගේ බඩ ගෙඩිය උඩ නැඟලා නිදි කිරා වැටෙනවා ඇති කියලා නේද ..? එහෙම  නැහැ කුඩු ගහලා සෙක්ස් කරනකොට  පිරිමින්ට ධාතු පිටවීම ගොඩාක්ම ප්‍රමාද වෙනවාලු. කුඩුකාරයෝ ගොඩාක්ම ඇක්ටිව්ලු කුඩු ගහලා ගැහැනුන්ගේ බඩ උඩ නැඟලා  සෙක්ස් කරනකොට .ඉතින් ඒ නිසා ගැහැනුන්ට සැප කනේලු. ගංජාවලත් ඔය ලක්ෂණය තියෙනව පිරිමින්ගේ ධාතු වියලිමේ හැකියාව.අනික කුඩුකාරයෝ සල්ලී හොයන්න දක්ෂයි. ඒ නිසා ඒ ගැහැනු හොඳට කාලා, ඇඳලා බීලා ගිනි කිකිළියෝ වගේ ඉන්නවා ඇති.

මොකක්ද මේ කුඩු සික් එක කියන්නේ..?

ඕනෑම ‍රසායනික ද්‍රව්‍යක් දිගු කාලයක් පුරාවට එකදිගට ශරීරයට වැටෙනකොට ශරීරයේ ස්නායු හා මාංශපේෂි හැම දෙයක්ම ඒකට අනුවර්තනය වෙනවා. ඊට පස්සේ ඒ දෙය නොලැබුනාම ශරීරය ප්‍රතික්‍රියා කරන්න පටන් ගන්නවා ඒ රසායනික ද්‍රව්‍ය ඉල්ල්ලා. කාලයක් තිස්සේ කුඩු ගහපු එවුන්ටත් ඔන්න ඕකයි වෙන්නේ. කුඩු ඇඟට නැතුවම බැරි දෙයක් වෙනවා. ඇස්වලින් කඳුලු ගලනවා, අත පය වෙව්ලනවා, ඈනුම් යනවා, හීනෙන් විකාර සිහින පේනවා, ධාතු පිටවීම වගේ  අසාමාන්‍ය ශාරීරික ලක්ෂණ පහල වෙනවා. ඕකට තමයි කියන්නේ " කුඩු සික් " එක කියලා. හරියට කොල්ලන්ගේ ඔලුවට ගහන ලව් සික් එක වගේ තමයි. ඔය කුඩු සික් එක ගැහුවාම කුඩු කාරයින්ව ගෙදර අයට කොන්ට්‍රොල් කරන්න හරිම අමාරුයි. අතේ සල්ලී නැති වුනාම අහල පහල ගෙයක දෙයක්වත් ප්‍රවේශම් කරගන්න බැහැ, තියෙන ඒවා හොරකම්  කරගෙන ගිහින් විකුණලා කුඩු ගහනවා. හොඳට ඩීසන්ට් එකේ ජොබ් කරගෙන කුඩු ගහන එවුනුත් ඉන්නවා ඕනේ තරම්. හැබැයි ටිකක් හොයා ගන්න අමාරුයි. සමහරු කුඩු ගහන්න තමුන්ගේ අම්මා, තාත්තා , ගෑණි වුනත්  විකුණන තත්ත්වයට වැටෙනවා. පේනවා නේද කුඩුවල තියෙන භයානක ආදීනව...? 

කුඩුකාරයින් පුනරුත්ථාපන කිරීම...!

කුඩු ගහන එකෙක් ගෙදර තියාගෙන කොන්ට්‍රෝල් කරන එක ගොඩාක්ම අමාරුයි.  ඔක්කෝටම කලින් කුඩු සික් එක කඩා ගන්න ඕනේ. ඒ කියන්නේ කුඩු ගහන එක දිගු කාලයකට නවත්වන්න වෙන බලහත්කාරයෙන්. ඒක කියලා කරන්න පුලුවන් දෙයක් නොවෙයි. කුඩු සික් එක කඩලා විතරක් මදි .ශාරීරික හා මානසික ප්‍රතිකාර , උපදේශන වගේ දේවලුත් මනසට හා ශරීරයට ලැබෙන්න ඕනේ මේ එක්කම. තමුන්ගේ හිතට කාවද්දන්න ඕනේ මේකෙන් ඈත් විය යුතු බව.  ඒ කිව්වේ තමුන් තුල ස්වයංපාලනයක් ඇති කරන්න ඕනේ මෙයින් මිදීමට. පුනරුත්ථාපනය සඳහා විවිධ පුනරුත්ථාපන මධ්‍යස්ථාන රජයෙන් හා පෞද්ගලික අංශ මඟින් පවත්වා ගෙන යයි.  පෞද්ගලික අංශ මඟින් පවත්වා ගෙන යන ආයතන බොහෝමයක් මෙය සිදු කරන්නේ ව්‍යාපාර කටයුත්තක් ලෙස වීම නිසා නිසි පුනරුත්ථාපනයක් එම ස්තානවලින් බලාපොරොත්තු  විය නොහැකිය.  නිදාගන්නා මෙට්ටයේ සිට සෑම දෙයකටම මාසිකව මුදල්  අය කරනු ලැබේ. රාජ්‍ය අංශයේ පුනරුත්ථාපන කල හැකි මධ්‍යස්ථානද ලංකාව තුල පවතී.

ආන්තරාකාරි ඖෂධ පාලක මණ්ඩලය මඟින් ක්‍රියාත්මක පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්

# බත්තරමුල්ලේ " සෙත් සෙවණ"  ආයතනය
# නිට්ටඹුව ඌරාපොල " දිගන්තය " ආයතනය
# හන්දෙස්ස පුනරුත්ථාපන ආයතනය
# උණවටුන පුනරුත්ථාපන ආයතනය

ඉහත ආයතන තුල සිදුවන පුනරුත්ථාපනය කෙටි කාලින වේ. මාස 03-06 දක්වා කෙටි කාල සීමාවන් වේ.

පුනරුත්ථාපන කොමසාරිස් දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන ආයතන :

වැලිකන්ද, කන්ඩකාඩුව පුනරුත්ථාපන ආයතනය ( මෙහි පරිපාලන කටයුතු ශ්‍රී ලංකා යුධ හමූදාව විසින් සිදු කරයි. වසර 01 ක කාලයක් පුනරුත්ථාපනය කල හැකි වේ, ලංකාවේ පුනරුත්ථාපනයට ඇති සාර්ථකම මධ්‍යස්ථානය මෙය වේ. දෛනික කාල සටහනකට අනුව පුනරුත්ථාපන ප්‍රතිකාර ලබා දෙයි)

ඔබට ඉහත සඳහන් පුනරුත්ථාප ආයතන  වෙත යම් අයෙකු ඇතුල්  කිරීමට අවශ්‍ය නම් තමුන්ට අදාල පොලිස් ස්තානයේ මේ  සම්බන්ධ පැමිණිල්ලක් කරන්න. ඉන්පසු පොලිසිය මඟින් පුනරුත්ථාපනලාභිය අධිකරණයට ඉදිරිපත් කරමින් අදාල අධිකරණ නියෝගය ලබා ගෙන අදාල පුද්ගලයා බන්ධනාගාරය මඟින් හෙරොයින්වලට ඇබ්බැහි වු පුද්ගලයෙකු බවට වෛද්‍ය වාර්තස් කැඳවීමෙන් පසු,  ඔබට අවශ්‍ය කරන පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ඔහුව ඇතුල් කරයි. මෙවැනි දිගුකාලීන පුනරුත්ථාපන ආයතනයකින් එලියට ආපු සැණින් ඔහුට ගැලපෙන රස්සාවක් , විවාහයක් වගේ දෙයක් සිදු කරලා දෙන එක ගොඩාක්ම හොඳයි. ඔහුගේ කරමත වගකීම් හා යුතුකම් ගොඩ ගසන එක ගොඩාක්ම වැදගත් . නැතිනම් ආපහු පරණ ජරා පුරුදු හා පාපමිත්‍ර ආශ්‍රයට වැටිලා නොමඟ යන්න පුලුවන්. ජරාජීර්ණ වු කෙනෙකුගේ හිත හා ගත හදන එක ලෙහෙසි වැඩක් නොවෙයි. මේ පෝස්ට් එකේ ගොඩාක්ම වැදගත් , කවදාවත් නොඇසූ කරුණු ඔයාලට මේකේ තියෙනවා.

©සංකල්ප හේරත්

1 comment:

  1. ගොඩක් වටිනා ලිපියක් මිත්‍රයා.... ස්තුතියි.. දියටම මේ වගේ සමාඡයේ වැඩිය කතා නොකෙරෙන දේවල් ලියන්න... ඔබට ඡය.....!!!

    ReplyDelete