Friday, December 21, 2018

අලුත් ජෝඩුව ඇඳ පොලු සමඟ බිම



ඔන්න ඉතින් ගමේ කොල්ලෝ සෙට් එකේ ඉන්න හොඳ රස්සාවක් කරන ලස්සන  කොල්ලෙකුට ෆේස්බුක් එකෙක් ලස්සන කෙල්ලෙක් සෙට් වුනා. මේ දෙන්නා කාලයක් තිස්සේ ෆේස්බුක් එකෙන් ආශ්‍රය කරලා දෙමාපියන්ගේ ආශීර්වාදය මැද කසාද බැන්ද. ගමේ කොල්ලෝ සෙට් එක ඉතිං වෙඩිමට බැහැලා වැඩ කලා.ගෙදර තීන්ත ගාලා,අලුත බැඳපු ජෝඩුව ඉන්න කාමරේ පිලිවෙලට අස් කරලා දුන්නා. මේ වගේ යාලුවෝ සෙට් එකක් ඉන්න එකත් කොල්ලෙකුට එක පැත්තකින් ලොකු හයියක්. තවත් පැත්තකින්...............
ඔන්න ඉතින් ජෝඩුව කසාද බැඳලා හනීමුන් ගිහින් දවස් 2-3 කට පස්සේ කොල්ලගේ ගෙදරට ආවාලු. දැන් අලුත බැඳපු ජෝඩුව තමුන්ට වෙන් කරලා තියෙන කාමරයේ රැය ගත කරන්න ගියා. මේ කතාවේ හොඳම හරිය වුනේ මැදියම  රැයේදිලු.

චර බරස්.....! ගාලා අලුත් බැඳපු ජෝඩුව ඇඳ එක්කම බිමට කඩාගෙන වැටුනා කියහන්කෝ ඩිස්ටිං ඩිඩිං කර කර ඉන්නකොට. බැඳපු අලුත කවුරුත්  ඩිස්ටි ඩිඩිංවලට කැමැතියිනේ.  ඒ මහා සද්දේට  ගෙදර හිටිය දෙමාපියනුත් දුවගෙන ආවා ජෝඩුව හිටිය කාමරේට. මේ අනතුරින් ගොඩාක්ම ඩැමේජ් වෙලා තියෙන්නේ කොල්ලගේ කොන්දටලු. කෙල්ලගේ දණ්හිස් දෙකට විතරක් සුලු තුවලා වෙලා.ඇයි දන්නේ නැහැ ...කොල්ලගේ කොන්ද කැඩිලා..කෙල්ලගේ දණ්හිස දෙකට  විතරක් සුලු තුවාල වුනේ...? ඔයාලට හිතෙන්නේ මොකද ඒ ගැන.

මේ ඇඳේ ඇඳ පොලු හා ඇණ  භාගේට සෙට් කරලා තියෙන්නේ අර වෙඩිමට ඇවිත් උදව් කරපු මිතුරු කැල විසිනි. අන්තිමේදී විහිලු කරන්න ගිහින් තමුන්ගේ හොඳම යහලුවාගේ කොන්දත් කැඩිලා මාස ගණන් බෙහෙත් කරන්න වුනා. ඒ බෙහෙත් කරන වැඩවලටත් යහලුවාට සාත්තු කරන්නත් මේ ගමේ කොල්ලෝ සෙට් එක අමතක කලේ නැහැ. යහලුවාගේ පවුලත් හොඳට බලාගන්න ඇති නේද...? පුදුම කොල්ලෝ සෙට් එකක්නේ.

කතාවක් තියෙනවා අහලා නැද්ද අලුත් ගෑනියෙක් ගෙදරට ගේන්න කලින් හොඳ සවී ශක්තිමත් ඇඳකුත්  ගෙදරට ගේන්න කියලා..!

මේ එක්කම ප්‍රෙඩී සිල්වා ගායන කරපු ලස්සන ගීතයකුත් මතක් වුනා අලුත බැඳපු ජෝඩුවක් එක්ක ඇඳ කඩාගෙන වැටිච්ච හැටි කියැවෙන ලස්සන සිංදුවක්

" ආරෝංගේ..මල්ලී...බාරෝන්..මොරටුවේ දක්ෂ වඩුවා.....ඇඳන්, මේස, පුටු ලීබඩු...ටකස් ගාලා හැදුවා..."

©සංකල්ප හේරත්

No comments:

Post a Comment