Saturday, December 22, 2018

කුඩු ගැහුවොත් කුඩේ කුඩු


අද ලියන්න හිතුනා ශ්‍රී ලංකාවට දරුණු විදිහට බලපාන හෙරොයින් ව්‍යසනය පිලිබඳව. ඇත්තටම මේක ලංකව තුල දැනට කරකැවෙන ලොකුම ලොකු විෂ බීජයක් කියලා කිව්වොත් හරි. පාසැල් සිසුන් පවා මේ සඳහා ඇබ්බැහි කරගැනීම සඳහා  හෙරොයින් ජාවාරම්කරුවන් උපක්‍රම යොදාලා තියෙනවා. පාසැල් ආසන්නයේ මත් පෙති, මත් ටොපි වැනි දේ හොර රහසේ ලමයින්ට අලෙවි කරනවා. ශ්‍රී ලංකාවේ දැනට පවතින  නීතියට අනුව සංශුද්ධ හෙරොයින් ග්‍රෑම් 2 ක් ලඟ තබා ගැනීම හෝ අලෙව් කිරීම සඳහා මහාධිකරණය ඉදිරියේ වැරදිකරුවෙකු වෙන අයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්  හෝ මරණීය දණ්ඩනය නියම කල හැකි වේ. ඒත් ශ්‍රී ලංකාව තුල මරණීය දණ්ඩනය  ක්‍රියාවට නොනැංවීම නිසා හෙරොයින් ජාවාරම්කරුවන්ට මොන දඬුවම් ලැබුනත්  එය නතර කරන බවක් පෙනෙන්නට නැහැ.ජීවිතාන්තය දක්වා සිරගත වුනත් සිපිරිගෙයි ඇතුලේ ඉඳන් හොරෙයින් ජාවාරම් කරන්නට ඔවුන් පෙළඹෙනවා.

" කොහොමද මේ බිස්නස් නතර කරලා...අපි ජීවත් වෙන්නේ...අපිට හයිකෝට් නඩු 4-5 ක් වැටිලා..ලෝයර්ස්ලාට පූජා කරන්න සල්ලී ඕනේ..ඒ මදිවට අපේ ගෝල බාලයෝ හිරගෙවල්වල..මාසෙට සැරයක් පගාව දෙන්න ඕනේ...උන්ගේ දරු පවුල් බලාගන්න  ඕනේ...ඒ නිසා සාමාන්‍ය ජොබ් එකක් කරලා දැන් අපිට ජීවත් වෙන්න බැහැ...අපි දැන් කොහොමත් හිරේ යන්න හිත හදාගෙන ඉවරයි.."

මේ පෝස්ට් එක කියවනකොට කෙනෙකුට හිතෙන්න පුලුවන් මොකක්ද මේ සංශුද්ධ හෙරොයින් කියලා. මෙහෙමයි ඔරිජිනල් කුඩුවල බර වැඩි කරන්න විවිධ ද්‍රව්‍ය එකතු කරනවා. පැනඩෝල් පෙති කුඩු කරලා දානවා.  ඒ කරන්නේ තමුන්ගේ ගොඩ වැඩි කිරීමයි. හෙරොයින් පිලිබඳ නඩුවකදි මුලින්ම සිදු කරන්නේ  අදාල කුඩු ප්‍රමාණය  රජයේ රස පරීක්ෂක්වරයා වෙත  යවා නියම හෙරොයින් ප්‍රමාණය  ( සංශුද්ධ ) එහි අඩංගු ඇතිදැයි පරීක්ෂා කීරීමයි. වර්තමානයේදි ශ්‍රී ලංකාව තුල මුදලට හැම වාර්තාවක්ම වෙනස් කල හැකිය. ඒ අනුව සමහර හෙරොයින් ජාවාරම්කරුවන්
ගේ රස පරීක්ෂක වාර්තාවලින් කියැවෙන්නේ නියම හෙරොයින් නොවන බවයි. එක්කෝ ග්‍රෑම් 2 ට අඩු වාර්තාවක් හදාගෙන නඩුවෙන් බේරෙන්නට උත්සාහ කරයි. ඉතින් කොහොමද ලංකාව තුල මෙම ජාවාරම් නතර කරන්නේ කියන්නකෝ..පහුගිය කාලේ ලංකාවේ  අල කන්ටේනර් එකක් ඇතුලේ හෙරොයින් මහා ප්‍රමාණයක් අහු වුනා. ඒවාට අද වෙනකොට වැටිච්ච නඩුවකුත් නැහැ. ඒ බඩුවලට මොනවා වුනාද දන්නේ නැහැ.මහාපරිමාණ තල්මසුන් , මෝරුන් නීතියේ දැල් අස්සෙන් බේරිලා රිංගලා යාවි. හාල්මැස්සන් විතරක් දැලේ පැටලේවි.

ගොඩාක්ම කුඩුගහන එවුන්ගේ ගැහැනු ගිනි කිකිලියෝ වගේ ලස්සන මොකෝ...??

මේ ගැනත් මට ලියන්න හිතුනා. ඇයි මෙච්චර ලස්සන ගැහැනු කූඩුකාරයෝ එක්ක එකට ජීවත් වෙන්නේ කියලා. ගොඩාක් අය හිතගෙන ඉන්න ඇති කුඩු කාරයෝ කුඩු ගහලා ගෑනුන්ගේ බඩ ගෙඩිය උඩ නැඟලා නිදි කිරා වැටෙනවා ඇති කියලා නේද ..? එහෙම  නැහැ කුඩු ගහලා සෙක්ස් කරනකොට  පිරිමින්ට ධාතු පිටවීම ගොඩාක්ම ප්‍රමාද වෙනවාලු. කුඩුකාරයෝ ගොඩාක්ම ඇක්ටිව්ලු කුඩු ගහලා ගැහැනුන්ගේ බඩ උඩ නැඟලා  සෙක්ස් කරනකොට .ඉතින් ඒ නිසා ගැහැනුන්ට සැප කනේලු. ගංජාවලත් ඔය ලක්ෂණය තියෙනව පිරිමින්ගේ ධාතු වියලිමේ හැකියාව.අනික කුඩුකාරයෝ සල්ලී හොයන්න දක්ෂයි. ඒ නිසා ඒ ගැහැනු හොඳට කාලා, ඇඳලා බීලා ගිනි කිකිළියෝ වගේ ඉන්නවා ඇති.

මොකක්ද මේ කුඩු සික් එක කියන්නේ..?

ඕනෑම ‍රසායනික ද්‍රව්‍යක් දිගු කාලයක් පුරාවට එකදිගට ශරීරයට වැටෙනකොට ශරීරයේ ස්නායු හා මාංශපේෂි හැම දෙයක්ම ඒකට අනුවර්තනය වෙනවා. ඊට පස්සේ ඒ දෙය නොලැබුනාම ශරීරය ප්‍රතික්‍රියා කරන්න පටන් ගන්නවා ඒ රසායනික ද්‍රව්‍ය ඉල්ල්ලා. කාලයක් තිස්සේ කුඩු ගහපු එවුන්ටත් ඔන්න ඕකයි වෙන්නේ. කුඩු ඇඟට නැතුවම බැරි දෙයක් වෙනවා. ඇස්වලින් කඳුලු ගලනවා, අත පය වෙව්ලනවා, ඈනුම් යනවා, හීනෙන් විකාර සිහින පේනවා, ධාතු පිටවීම වගේ  අසාමාන්‍ය ශාරීරික ලක්ෂණ පහල වෙනවා. ඕකට තමයි කියන්නේ " කුඩු සික් " එක කියලා. හරියට කොල්ලන්ගේ ඔලුවට ගහන ලව් සික් එක වගේ තමයි. ඔය කුඩු සික් එක ගැහුවාම කුඩු කාරයින්ව ගෙදර අයට කොන්ට්‍රොල් කරන්න හරිම අමාරුයි. අතේ සල්ලී නැති වුනාම අහල පහල ගෙයක දෙයක්වත් ප්‍රවේශම් කරගන්න බැහැ, තියෙන ඒවා හොරකම්  කරගෙන ගිහින් විකුණලා කුඩු ගහනවා. හොඳට ඩීසන්ට් එකේ ජොබ් කරගෙන කුඩු ගහන එවුනුත් ඉන්නවා ඕනේ තරම්. හැබැයි ටිකක් හොයා ගන්න අමාරුයි. සමහරු කුඩු ගහන්න තමුන්ගේ අම්මා, තාත්තා , ගෑණි වුනත්  විකුණන තත්ත්වයට වැටෙනවා. පේනවා නේද කුඩුවල තියෙන භයානක ආදීනව...? 

කුඩුකාරයින් පුනරුත්ථාපන කිරීම...!

කුඩු ගහන එකෙක් ගෙදර තියාගෙන කොන්ට්‍රෝල් කරන එක ගොඩාක්ම අමාරුයි.  ඔක්කෝටම කලින් කුඩු සික් එක කඩා ගන්න ඕනේ. ඒ කියන්නේ කුඩු ගහන එක දිගු කාලයකට නවත්වන්න වෙන බලහත්කාරයෙන්. ඒක කියලා කරන්න පුලුවන් දෙයක් නොවෙයි. කුඩු සික් එක කඩලා විතරක් මදි .ශාරීරික හා මානසික ප්‍රතිකාර , උපදේශන වගේ දේවලුත් මනසට හා ශරීරයට ලැබෙන්න ඕනේ මේ එක්කම. තමුන්ගේ හිතට කාවද්දන්න ඕනේ මේකෙන් ඈත් විය යුතු බව.  ඒ කිව්වේ තමුන් තුල ස්වයංපාලනයක් ඇති කරන්න ඕනේ මෙයින් මිදීමට. පුනරුත්ථාපනය සඳහා විවිධ පුනරුත්ථාපන මධ්‍යස්ථාන රජයෙන් හා පෞද්ගලික අංශ මඟින් පවත්වා ගෙන යයි.  පෞද්ගලික අංශ මඟින් පවත්වා ගෙන යන ආයතන බොහෝමයක් මෙය සිදු කරන්නේ ව්‍යාපාර කටයුත්තක් ලෙස වීම නිසා නිසි පුනරුත්ථාපනයක් එම ස්තානවලින් බලාපොරොත්තු  විය නොහැකිය.  නිදාගන්නා මෙට්ටයේ සිට සෑම දෙයකටම මාසිකව මුදල්  අය කරනු ලැබේ. රාජ්‍ය අංශයේ පුනරුත්ථාපන කල හැකි මධ්‍යස්ථානද ලංකාව තුල පවතී.

ආන්තරාකාරි ඖෂධ පාලක මණ්ඩලය මඟින් ක්‍රියාත්මක පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්

# බත්තරමුල්ලේ " සෙත් සෙවණ"  ආයතනය
# නිට්ටඹුව ඌරාපොල " දිගන්තය " ආයතනය
# හන්දෙස්ස පුනරුත්ථාපන ආයතනය
# උණවටුන පුනරුත්ථාපන ආයතනය

ඉහත ආයතන තුල සිදුවන පුනරුත්ථාපනය කෙටි කාලින වේ. මාස 03-06 දක්වා කෙටි කාල සීමාවන් වේ.

පුනරුත්ථාපන කොමසාරිස් දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන ආයතන :

වැලිකන්ද, කන්ඩකාඩුව පුනරුත්ථාපන ආයතනය ( මෙහි පරිපාලන කටයුතු ශ්‍රී ලංකා යුධ හමූදාව විසින් සිදු කරයි. වසර 01 ක කාලයක් පුනරුත්ථාපනය කල හැකි වේ, ලංකාවේ පුනරුත්ථාපනයට ඇති සාර්ථකම මධ්‍යස්ථානය මෙය වේ. දෛනික කාල සටහනකට අනුව පුනරුත්ථාපන ප්‍රතිකාර ලබා දෙයි)

ඔබට ඉහත සඳහන් පුනරුත්ථාප ආයතන  වෙත යම් අයෙකු ඇතුල්  කිරීමට අවශ්‍ය නම් තමුන්ට අදාල පොලිස් ස්තානයේ මේ  සම්බන්ධ පැමිණිල්ලක් කරන්න. ඉන්පසු පොලිසිය මඟින් පුනරුත්ථාපනලාභිය අධිකරණයට ඉදිරිපත් කරමින් අදාල අධිකරණ නියෝගය ලබා ගෙන අදාල පුද්ගලයා බන්ධනාගාරය මඟින් හෙරොයින්වලට ඇබ්බැහි වු පුද්ගලයෙකු බවට වෛද්‍ය වාර්තස් කැඳවීමෙන් පසු,  ඔබට අවශ්‍ය කරන පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ඔහුව ඇතුල් කරයි. මෙවැනි දිගුකාලීන පුනරුත්ථාපන ආයතනයකින් එලියට ආපු සැණින් ඔහුට ගැලපෙන රස්සාවක් , විවාහයක් වගේ දෙයක් සිදු කරලා දෙන එක ගොඩාක්ම හොඳයි. ඔහුගේ කරමත වගකීම් හා යුතුකම් ගොඩ ගසන එක ගොඩාක්ම වැදගත් . නැතිනම් ආපහු පරණ ජරා පුරුදු හා පාපමිත්‍ර ආශ්‍රයට වැටිලා නොමඟ යන්න පුලුවන්. ජරාජීර්ණ වු කෙනෙකුගේ හිත හා ගත හදන එක ලෙහෙසි වැඩක් නොවෙයි. මේ පෝස්ට් එකේ ගොඩාක්ම වැදගත් , කවදාවත් නොඇසූ කරුණු ඔයාලට මේකේ තියෙනවා.

©සංකල්ප හේරත්

Friday, December 21, 2018

අලුත් ජෝඩුව ඇඳ පොලු සමඟ බිම



ඔන්න ඉතින් ගමේ කොල්ලෝ සෙට් එකේ ඉන්න හොඳ රස්සාවක් කරන ලස්සන  කොල්ලෙකුට ෆේස්බුක් එකෙක් ලස්සන කෙල්ලෙක් සෙට් වුනා. මේ දෙන්නා කාලයක් තිස්සේ ෆේස්බුක් එකෙන් ආශ්‍රය කරලා දෙමාපියන්ගේ ආශීර්වාදය මැද කසාද බැන්ද. ගමේ කොල්ලෝ සෙට් එක ඉතිං වෙඩිමට බැහැලා වැඩ කලා.ගෙදර තීන්ත ගාලා,අලුත බැඳපු ජෝඩුව ඉන්න කාමරේ පිලිවෙලට අස් කරලා දුන්නා. මේ වගේ යාලුවෝ සෙට් එකක් ඉන්න එකත් කොල්ලෙකුට එක පැත්තකින් ලොකු හයියක්. තවත් පැත්තකින්...............
ඔන්න ඉතින් ජෝඩුව කසාද බැඳලා හනීමුන් ගිහින් දවස් 2-3 කට පස්සේ කොල්ලගේ ගෙදරට ආවාලු. දැන් අලුත බැඳපු ජෝඩුව තමුන්ට වෙන් කරලා තියෙන කාමරයේ රැය ගත කරන්න ගියා. මේ කතාවේ හොඳම හරිය වුනේ මැදියම  රැයේදිලු.

චර බරස්.....! ගාලා අලුත් බැඳපු ජෝඩුව ඇඳ එක්කම බිමට කඩාගෙන වැටුනා කියහන්කෝ ඩිස්ටිං ඩිඩිං කර කර ඉන්නකොට. බැඳපු අලුත කවුරුත්  ඩිස්ටි ඩිඩිංවලට කැමැතියිනේ.  ඒ මහා සද්දේට  ගෙදර හිටිය දෙමාපියනුත් දුවගෙන ආවා ජෝඩුව හිටිය කාමරේට. මේ අනතුරින් ගොඩාක්ම ඩැමේජ් වෙලා තියෙන්නේ කොල්ලගේ කොන්දටලු. කෙල්ලගේ දණ්හිස් දෙකට විතරක් සුලු තුවලා වෙලා.ඇයි දන්නේ නැහැ ...කොල්ලගේ කොන්ද කැඩිලා..කෙල්ලගේ දණ්හිස දෙකට  විතරක් සුලු තුවාල වුනේ...? ඔයාලට හිතෙන්නේ මොකද ඒ ගැන.

මේ ඇඳේ ඇඳ පොලු හා ඇණ  භාගේට සෙට් කරලා තියෙන්නේ අර වෙඩිමට ඇවිත් උදව් කරපු මිතුරු කැල විසිනි. අන්තිමේදී විහිලු කරන්න ගිහින් තමුන්ගේ හොඳම යහලුවාගේ කොන්දත් කැඩිලා මාස ගණන් බෙහෙත් කරන්න වුනා. ඒ බෙහෙත් කරන වැඩවලටත් යහලුවාට සාත්තු කරන්නත් මේ ගමේ කොල්ලෝ සෙට් එක අමතක කලේ නැහැ. යහලුවාගේ පවුලත් හොඳට බලාගන්න ඇති නේද...? පුදුම කොල්ලෝ සෙට් එකක්නේ.

කතාවක් තියෙනවා අහලා නැද්ද අලුත් ගෑනියෙක් ගෙදරට ගේන්න කලින් හොඳ සවී ශක්තිමත් ඇඳකුත්  ගෙදරට ගේන්න කියලා..!

මේ එක්කම ප්‍රෙඩී සිල්වා ගායන කරපු ලස්සන ගීතයකුත් මතක් වුනා අලුත බැඳපු ජෝඩුවක් එක්ක ඇඳ කඩාගෙන වැටිච්ච හැටි කියැවෙන ලස්සන සිංදුවක්

" ආරෝංගේ..මල්ලී...බාරෝන්..මොරටුවේ දක්ෂ වඩුවා.....ඇඳන්, මේස, පුටු ලීබඩු...ටකස් ගාලා හැදුවා..."

©සංකල්ප හේරත්

Friday, December 14, 2018

සිරිමල් හනීමුන් ගියා වගේනේ....!

හද්ද පිටිසර ගමක හිටියාලු සිරිමල් , සිරිමලි කියලා ප්‍රොපොසල් එකකින් සෙට් වුනු ගොඩේ ටයිප් එකේ නෝන්ජල් ජෝඩුවක්. දෙන්නම රජයේ සේවකයින්. ඔන්න කසාද බඳින්න ඔක්කොම  වැඩ ටික මේ  දෙන්නා සෙට් කරගත්තලු. බැංකුවලට ණය වෙලා ලෝන් ගහලා මුලු ලෝකේටම පේන්න ලස්සන මඟුලක් කන්න  දෙන්නටම ආශා හිතුනා. ඔන්න ඉතින් වෙඩිමට ලොකු හෝටලයක් බුක් කරලා තමුන්ගේ නෑදෑයෝ රොත්ත බුරුත්තටමයි, ඔෆිස් එකේ යහලුවන්ටත් ආරාධනා කලා. ඒ වගේම දෙන්නගේම හනීමූන්  එකට හොඳ ලස්සන වටපිටාවක් තියෙන හෝටලයකුත් වෙන් කර ගත්තා.

ඔන්න මංගල දිනය උදා වුනා. දෙන්නා පෝරුවේ තියලා මඟුල් නැකැතට කර කාර බැන්ඳා. ජය මංගල කතා කිව්වා. බුලත් හුරුලු දීලා අත් පැන් වත් කරලා චාරිත්‍ර ඔක්කොම සිදු කලා. මේ දෙන්නා ගොඩේ ටයිප් එකට හිටියාට විවාහ මංගල උත්සවය සුපිරියටම ලස්සනට තිබුනාලු.  ඔන්න ඉතින් සවස් යාමේදි විවාහ මංගල්‍ය උත්සවය කෙලවර වුනේ දෙන්නා මධු සමය සඳහා යාමට පිටත් වීමේ අවස්තාවෙයි. ඔන්න දැන් ජෝඩුව මඟුල් කාර් එකේ නැඟලා හනීමුන් එක ගත කරන  හෝටලයට ආවා. හෝටලයේ  පිලිගැනීමේ නිලධාරියා හමුවෙලා කාමරයේ යතුර අරගෙන අලුත බැඳපු ජෝඩුව තමුන්ට වෙන් කරලා තියෙන කාමරයට ඇතුලු වුනා. 

" මොකද සිරිමලී...ඇඳ උඩ හංස විලක් හදලා තියෙන්නේ..."

" ආහ්හ්...ඔව්නේ...මේවා කලින් හිටිය අයගේ බඩු වත්ද...දන්නේ නැහැ නේ.."

" ආහ්හ්...ඒ මදිවට Welcome කියලා ගහලා ලස්සනට හදපු කේක් ගෙඩියකුත්...ඒකෙන් කෑල්ලක් මට කන්න හිතෙනවා හාමිනේ..."

" සිරිමල් ..කනවා එහෙම නොවෙයි...ඒකත් කලින් හිටපු අය දාලා ගිය එකක් වෙන්නැති..."

ටික වෙලාවකට පසු ස්ටුවර්ඩ්ස් කෙනෙක් බීම විදුරු 2 ක් අරගෙන කාමරයට ආවා.

" මල්ලී..මේ කේක් එකයි..හංස විලයි...කාගේද.."

" මේ කාගේවත් නොවෙයි මේවා..සර්ලට හොටෙල් එකෙන් දුන්නු එවානේ..."

" අනේ...එහෙමද..මේ හෝටලයේ ආගන්තුක සත්කාරය හොඳයිනේ..."

ඔන්න ඉතින් ජෝඩුව මහන්සියට බීම වීදුරු 2 කත් බීලා මහන්සිය මඟ හැරෙනකම් ඇඳට වෙලා හාන්සි හිටියා. ටික වේලාවකට පස්සේ බාත් රූම් එකට ගියාම ඒකේ හරි අමුතු විච්චූර්ණලු. ගමේ ලිඳෙන් දිය නාපු දෙන්නට මේ උපකරණ එච්චර ඇල්ලුව්වෙ නැහැලු.  දෙන්නා ඉතිත් බාත් රූම් එකේ කියුබිකල් එකක් ඇතුලට ගිහින් දියරෙද්දකුයි, සරමකුයි ඇඳගෙන එකට නෑවා. ඔන්න ඉතින් නාලා ඉවර වෙලා ඇඳුම් මාරු කරගෙන දෙන්නා කාමරයේ තිබ්බ මේසයට සෙට් වුනාලු කෑම කන්න.

" සිරිමල් ..අපි දැන් රෑට මොනවාද කන්නේ...කලින් කෑම ඕඩර් කරන්න වේවී...."

" අනේ හාමිනේ...කෑ ගහන්න එපා...මම බුකේ එකෙන් අපි දෙන්නට රෑට කන්න කෑම 2 ක් හොරෙන් ඔතාගෙන ආවා..මෙහෙන් කෑම කන්න ගියොත් අපේ බිල වැඩි වේවී..හෙට උදේට කන්න පාන් රාත්තලකුයි.සීනි සම්බෝල බෝතලයකුත් ගෙනවා..තේ හදන්න පිටි..සිනි, තේ කොලත් හොරෙන් අරගෙන ආවා.."

" හෝටලය බුක් කරනකොට කෑම, බීම නොමිලේ දෙනවා කිව්වේ නැද්ද ..."

" ෆුල් බෝඩ්ද..හාෆ් බෝඩ්ද කියලා මොකක්දෝ එකක් එදා කිව්වා...එච්චර මට තේරුනේ නැහැ "

ඔන්න ඉතින් ඔතාගෙන ආපු බත් පාර්සල්  2 කත් ලිහාගෙන ජෝඩුව සතුටින් කනවාලු.  කාලා ඉවර වෙලා අල්ලාප, සල්ලාලයේ යෙදුනාලු තමුන්ගේ යුග ජීවිතයේ ඉදිරි සැලසුම් ගැන.

ඔන්න ඉතින් මේ දෙන්නටම වෙන් වුනු රැයේ ක්‍රමයෙන් මෝරගෙන එනවා. දෙන්නා පලමුවරටලු මේ වගේ රූම් එකක එකට තනි වුනේ. දැන් ඩිස්ටි ඩිඩිං කරන්න සූදානම් වෙනවාලු අලුත බැඳපු ජෝඩුව. ගෙනාපු සුදු පිරුවටය ඇඳ උඩට එලාගෙන ඊට උඩින් හාමිනේ වැතිරුනා. සිරිමල් හාමිනේව ටියුන් කරනවා දැන්. මේ වැඩේ දෙන්නටම නුහුරු නුපුරුදුයි වගේ.හාමිනේ ලැජ්ජාවෙන් ඇඹරෙනවා.

" කිති..කවන්න එපා...ඒයි...කරන දෙයක් හෙමිහිට කරනවා..මෙච්චර කලබලේ..
මොකො..."

සිරිමල්ට ඉවසුමක් නැහැලු මේ වැඩේට. ඔන්න ඉතින් පූර්ව ලිංගික ක්‍රියා හැම එකක්ම කරලා  අවසාන අදියරට සෙට් වුනාලු. සිරිමල් ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම ස්ත්‍රී ප්‍රජනන පද්ධතියේ පිහිටීම ගැන හරි හමන් අවබෝධයක් නැහැලු. දැන් හාමිනේගේ යෝනි සිදුර හොයනවාලු. හාමිනේට ඇති බයටම ඒක පෑදෙන්නෙත් නැහැලු. සිරිමල් නැවත නැවත ට්‍රයි කරනවාලු ,ඒත් නියම තැනට දාගන්න බැරිලු. ඒ තැන පෑදෙන්නෙත් නැහැලු. ඔන්න ඊට පස්සේ සිරිමල් තමුන්ගේ හොඳම විශ්වාසනීය යහලුවෙකුට කෝල් එකක් අරගෙන යෝනි මාර්ගයේ  පිහිටීම ගැන විස්තර අහනවාලු.

ඔන්න දැන් ෆෝන් එකත් කනේ ගහගෙන යහලුවා කියන විදිහට සිදුර පාදා ගන්න බලනවා. අනේ පව් ඉතින්  ඒත් යෝනි සිදුර පෑදෙන්නේ නැහැලු. සිරිමල් ඇතුලු කරන්න උත්සාහ කරනකොට සිරිමලි  කෑ ගහනවාලු.

" මොකද...ඕයි...තමුසෙට කවුරු හරි කලවා බන්ධනයක් වත් කරලාද...හිල පෑදෙන්නේ නැත්තේ..."

" අනේ...ඉතින් මම මොනවා කරන්නද..."

ඊට පස්සේ සිරිමල්ටම  වැඩේ එපා වෙලා අත හැරලා දැම්මාලු. ඒත් යහලුවාට කිව්වාලු වැඩේ හරියට කර ගත්තා කියලා. මොන ප්‍රශ්න ආවාත් මේ දෙන්නා එදා රෑ සතුටින් ගත කරා. පහු වැනිදාට මනමාලිගේ සුදු පිරුවටය බලන්න එන නෑයින්ව ශේප් කර ගන්න අතේ ඇඟිල්ලක් විඳලා ලේං බිංදු කිහිපයක් සුදු පිරුවටයට දැම්මාලු. කොහොම හරි සිරිමල්ට ඔය වැඩේ හරියට කරගන්න සතියක් විතර ගියාලු. තමුන්ට වෙච්චි කිසි දෙයක් කාටත් කියන්න ගියේ  නැහැලු මේ ජෝඩුව. හැම දෙයක්ම තමුන් දෙන්නා අතරේ පමණක් තියා ගත්තාලු. අදටත් දෙන්න දරු මල්ලෝ හදාගෙන සතුටින් ජීවත් වෙනවලු .

ඔන්න මම අහපු විකට කතාවක් ඔයාලා වෙනුවෙන් ලියලා අවසන් කරා. යලි හමුවෙමු...!





Thursday, December 13, 2018

පැනගිය සිරකරු ඇඳ උඩින් යලි මතු වෙයි..!

මෙන්න තවත් ඇත්ත කතාවක්. මේක සිදු වුනේ කොලඹ ජාතික රෝහලේ බණ්ඩාරනායක වාට්ටු සංකීර්ණයේ පිහිටි වාට්ටුව අංක 07 දි. මේ වෝඩ් එක ENT ශල්‍යකර්ම පිලිබඳ වාට්ටුවක්.  මේ වාට්ටුවේ හිරගෙදර ගාඩ් මහත්තයෙක් ඇඳට දම්වැලක් දාලා ඒකේ කොනට දාපු මාංචුවක් සිරකරුවාගේ කකුලට හොඳට හිර වෙන්න දාලා රාජකාරි කරනවා. මේ සිරකරුවගේ උගුරේ පිලිකාවක් තිබ්බා.  හරියට වචන පවා එලියට එන්නේ නැහැ උගුරට පිටින් සිදුරක් වැනි ප්ලාස්ටික් කෑල්ලක් එලියට විවෲත වෙලා තිබ්බා. මේ වාට්ටු සංකීර්ණයේම උඩ තට්ටුවේ  ඒ කිව්වේ 09 වාට්ටුවේ ඉස්සර ඩොක්ටර් කොල්වින් සමරසිංට අයත් වාට්ටුවේ තවත් ගාඩ් මහත්තයෙක් තවත් හිරකාරයෙක් තියාගෙන ඩියුටි කරනවා. ගාඩ් මහත්තුරු දෙන්නා ගජ මිතුරන්ලු. කන්නේ බොන්නේ පවා එකටලු. පුලුවන් වෙලාවට අර ලෙඩ්ඩු දෙන්නා දාලා ගිහින් කොතැනට වෙලා හරි කයියක් ගහනවාලු. හිරකාරයෝ දෙන්නට පැනලා යන්න බැහ, මොකද කකුල් දෙකටම හොඳට හිර වෙන්න මාංචු දාලා තියෙන නිසා.

ඔන්න හිටි හැටියේ 07 වාට්ටුවේ ඩියුටි කරපු මිතුරා හදිසියේ දුවගෙන ආවාලු 09 වාට්ටුවේ ඩියුටි කරපු මිතුරා හොයාගෙන.

" මංචං...මාර වැඩේනේ.. බං...මගේ ගාව තිබ්බ මාංචුවේ යතුර  වැටිලානේ..."

" හැමතැනම ..හොඳට බලපන්...ජොබ් එක ගහලා යන වැඩක්නේ ඕක...යකෝ..."

" ඊයේ රෑ පොඩ්ඩක් බීලාං හිටියේ මං..වෙරි මරගාතේ යතුර කොහේ හරි දාලා ඇති බං...තව ටිකකින් ලෙඩාව ඔපරේෂන් එකට ගෙනියන්න ඕනේ..කකුලට දාලා තියෙන මාංචුව ගලවගන්න යතුරක් නැහැ නේ බං..."

" මල මඟුලයි..යකෝ..ආහ්..මේ මේ මගේ මාංචු යතුරෙන් ගලවගෙන උබේ වැඩේ කරපන්කෝ.."

" එහෙම හරියන්නේ නැහැ බං...උබටත් යතුරක් තියෙන්න ඕනේනේ...යට තට්ටුවේ ඉන්න මගේ ලෙඩාව පොඩ්ඩක් බලාගනින් මම වැලිකඩ හිරගෙදර ඉස්ටෝරුවට ගිහින් මාංචු යතුරක් අරගෙන එන්නම් "

කියා මිතුරා වැලිකඩ බන්ධනාගාරය උපකරණ ගබඩාව වෙත ඉක්මනින් පිය නැඟුවේ හිස ගිනි ගත් අයෙකු ලෙසිනි. කොළඹ ජාතික රෝහලේ සිට පයින් යන දුරකින් වැලිකඩ බන්ධනාගාරය පිහිටා තිබේ. මේ ගමන සඳහා වැඩි කාලයක් ගත නොවෙයි.

වාට්ටුවේ රැඳුනු අනෙක් මිතුරා තම මිතුරා පිටත් වී සුලු වෙලාවකට පසු නිකමට මෙන් තම සගයාගේ වාට්ටුව කරා ගමන් කලේ ඔහුට අයත් සිරකරුවා වාට්ටුවේ සිටිනවාදැයි බැලීමටය.

ඔහුට දකින්නට ලැබුනේ පුදුමය දනවන දසුනකි. ඇඳට යොදා ඇති මාංචුව පමණක් ඉතුරු වී තිබ්බා. සිරකරුවා පැන ගොස් ඇති‍ බවක් දකින්නට ලැබුණා. ඔහු පිලිබඳ වාට්ටුවේ හිටපු අනිත් ලෙඩ්ඩුන්ගෙන් තොරතුරු විමසුවත්  සිරකරුවාට සිදු වු දේ ගැන හරි තොරතුරක් හොයාගන්න බැරි වුනා. රෝහලේ හැම අහුමුල්ලක් නෑර හෙව්වා.

ටික වේලාවකට පසු අනෙක් මිතුරා මාංචු යතුරකුත් අරගෙන  ආවා. සිදු වු දෙය අනෙක් මිතුරා විසින් අනෙකාට පැවසුවා.

" කොහොමද යකෝ මූ පැනලා ගියේ...මම කකුලට හොඳට හිරවෙන්න මාංචුව දාලානේ ගියේ...මගේ ජොබ් එකත් දැන් ඉවරයි..."

මිතුරන් දෙන්නා එකතුවෙලා පැය තුන හතරක් තිස්සේ පැනලා ගිය හිරකාරයාව බස් හෝල්ට් ගානේ හෙව්වා. හැම අස්සක් මුල්ලක් නෑර හෙව්වා ඒත් හොයාගන්න බැරි වුනා.

" අපි මේ ගැන  බන්ධනාගාරයට දැනුම් දෙමු..දැන් වෙන කරන්න දෙයක් නැහැනේ .."

මේ සිරකරුවා පැනයාම සම්බන්ධව බන්ධනාගාරයේ උසස් නිලධාරින්ට දැනුම් දුන්නා.බන්ධනාගාරයේ තරු පටි ගහපු ලොකු මහත්තයෙක් අදාල වාට්ටුවට ආවා මේ සිදුවීම ගැන මූලික විමර්ශනක් කරන්න.  මේ උසස් නිලධාරියා වාට්ටුවට ආවාට පස්සේ දකින්නට ලැබුනේ තවත් පුදුම සහගත දසුනකි.

එනම් පැනගිය සිරකරුවා මාංචු යතුරකුත් අතේ එල්ලාගෙන එම ඇඳ උඩට වී සිටීමයි.

" තමුසේ හිරෙන් පැනලා ගියා කියලා අපිට මෙසෙජ් එකක් දුන්නානේ ඩියුටි හිටපු ඔෆිසර්.."

" මම පැනලා ගියේ නැහැ සර්...ගෙදරට ගිහින් ගැහැනියි..ලමයි දෙන්නගේ මුහුණ බලලා.. තව කුඩු පැකට් එකකුත් බීලා ..ආපහු වාට්ටුවට ආවා.. පිලිකාවක් වගේ භයානක ලෙඩක් තියාගෙන සදහටම හැංගිලා ඉඳලා තේරුමක් නැහැනේ සර්..බෙහෙත් ගන්න අනිවාර්යෙන්ම මෙහෙ එන්න ඕනේ නිසා.. මම ආපහු ආවා.."

" තමුසේ කොහොමද එතකොට මේ මාංචුව ගලවා ගත්තේ...කියනවකෝ..."

" මේකයි සර්...ඊයේ ‍රෑ ඩියුටි හිටපු ගාඩ් මහත්තයා..නිදිමර ගාතේ..මාංචු යතුර  මගේ ඇඳ ලඟ බිම වට්ටවා ගත්තා. මම ඒක හොරෙන් ඇහිඳගෙන හංඟා ගත්තා..අද උදේ මහත්තයා එහාට මෙහාට යනකම් ඉඳලා..ඒ යතුරෙන්ම මම මේ මාංචුව ගලවාගෙන...මම මිසින් වුනා"

" තමුසෙට විරුද්ධව මේකට ඇක්ෂන් එකක් ගන්නේ නැහැ ....මොකද තමුසේ පැනලා ගියත්  ආපහු වාට්ටුවට ආපු නිසා...එහෙම ගත්තොත් මේ ඩියුටි හිටිය ඔෆිසර්ගේ ජොබ් එකත් අපිට ඉන්ටර්ඩික්ට් කරන්න වෙනවා..."

" අනේ..සර්...මහත්තයාගේ ජොබ් එක ඉන්ටර්ඩික්ට් කරන්න එපා..."

" අයිසේ තමුසේලා...මීට වඩා කල්පනාවෙන් මේ රස්සාව කරනවා..."

කියමින් උසස් නිලධාරියා පැනගිය සිරකරුගේ කකුලට යලිත් තද වෙන සේ මාංචු යොදා අනෙක් නිලධාරියාට සිරකරුවාව භාර දී රෝහලෙන් පිටත් වුනා.

මේ ආකාරයට සියල්ල සිදු වු මේ ජවනිකාව දිහා වාට්ටුවේ සිටි ලෙඩ්ඩුන් හා කාර්‍ය මණ්ඩලය එකිනෙකාගේ මුහුණ බලා ගත්තේ බඩ පපුව අල්ලාගෙන  සිනාසෙමිනි.

තවත් කතාවකින් යලි හමු වෙමු...!

Monday, December 10, 2018

අරුම...පුදුම...අංගජාතයක්....!

අතුල අයියා හොඳ කතා මාලාවකට ආරම්භයක් දුන්නා. ඒ කතා මාලාව දිගටම ගෙනියන්න මටත් හිතුනා ඒකට සමාන  කතාවක් ලියන්න.මේක මගේ අත්දැකීමක් කිව්වොත් හරි.
මේ සිදුවීම සිද්ධ වුනේ මම උසස් පෙල කරලා ප්‍රතිඵල එනකම් ගෙදරට වෙලා ඉන්නකොට වගේ මතකයි. අපේ මාමා කෙනෙකුගේ  දියවැඩියාව හැදිලා ඒකෙන් කකුලේ තුවාල ඇවිල්ලා ඇඟිලි 2 ක් කපන්න වුනා ඔපරේෂන් එකකින්. මාමාගේ සාත්තුවට හොස්පිටල් එකේ දින 4 ක් වගේ නතර වෙලා ඉන්න වුනේ මටයි. මේ ඔපරේෂන් කලේ කොළඹ මහා ඉස්පිරිතාලේ  සර්ජිකල් වෝඩ් එකක. වාට්ටු අංකය සඳහන්  කරන එක හොඳ නැහැ වගේ හිතුනා. එක දවසක් උදේ 9 ට විතර මාමා හිටපු ඇඳට එහා පැත්තේ ඇඳට ලෙඩෙක් ගෙනල්ලා දැම්මා වෙනත් හොස්පිටල් එකක ඇටෙන්ඩ්ට්ලා වගයක්. වාට්ටුවට ගෙනත් දීලා භාර දීලා එයාලා ආපහු ගියා. මේ ලෙඩාව ගෙනාපු ගමන්  ඇඳේ නිදි කරවලා අත පය , කකුල් වලින් බැන්ඳා. මමත් පුදුම වුනා මොකෝ මේ ලෙඩෙක් ඇඳකට තියලා බඳින්නේ ඇයි කියලා. ලෙඩාව පැත්තකට හරවලා දාලා ඇටෙන්ඩ්ට්ලා ගියා. මමත් හිටියේ ඊට එහා පැත්තේ ඇඳේ මාමා ගාව ට වෙලා.මටත් දැන් ලොකු කුතුහලයක් මොකද මේ වෙන්නේ කියලා. හැබැයි ලෙඩාගේ මුහුණ දිහා දැක්කාම අසාමාන්‍ය තත්ත්වයක් පෙන්නුම් කලා. මට ටිකක් බයකුත් දැනුනා. වැඩ කරන අය එහාට මෙහාට වෙනකම් ඉඳලා මම එහා පැත්තේ ලෙඩා ගාවට පොඩ්ඩක්  එබිකම් කරලා විස්තර ටිකක් හොයාගන්න ඕනේ කියලා හිතුනා.
" ඔයාගේ ගම කොහේද කියලා " මුලින්ම ඇහුවා
උත්තරයක් ලැබුනේ නැහැ .ඊට පස්සේ මම ඇහුවා
" මොකක්ද ඔයාගේ ලෙඩේ කියලා..."
එතකොට මොනවාද මංදං කිව්වා.කියපු දේ පැහැදිලි වුනෙත් නැහැ.
ඊට පස්සේ මම කලේ ඇඳ ඉස්සරහ ස්ටූල් එකේ තියලා තියෙන ලෙඩාගේ B.H.T  ( ඇඳ හිස පත ) එක දිහා පොඩ්ඩක් බැලුවා. ඒකේ ඉස්සරහ ගහලා  තිබ්බේ Transfer from Angoda Mental Hospital කියලා. ෆයිල් එකේ ඇතුලේ තියෙන දේවල් බලන්න ගියේ නැහැ. හුටා...පස්සේ මට හිතුනා මූ ෂුවර් එකටම අංගොඩින් මාරු කරපු  පිස්සෙක් වෙන්නැති කියලා. අහන ඒවාට නොවෙයිනේ උත්තර දෙන්නේ. කොහේද යන්නේ මල්ලේ පොල් වගේනේ. මේ ලෙඩා මොකක් හරි අපහසුවකින් ඉන්නවා වගේ මට තේරුනා. කකුල් දෙක මැද්දේ මොකක් හරි දෙයක් ලොකු දෙයක් හිරකරගෙන ඉන්නවා වගේ තේරුනා. එන්න එන්න මගේ කුතුහලයත් වැඩි වුනා.මොන මරාලයක්ද යකෝ..අපේ මාමාගේ ඇඳට  එහා පැත්තේ මේ ගෙනත් දාලා තියෙන්නේ කියලාත් හිතුනා.
ටික වේලාවකට පස්සේ වාට්ටුවේ ඩොක්ටර් ඇවිත් ලෙඩාගේ ඇඳ වටේට කර්ටන් වගයකින් වහලා ලෙඩාගේ යටිකය ප්‍රදේශය  පරික්ෂා කරා. නර්ස් කෙනෙකුට මොනවාද කිව්වා ඉංගිරිසියෙන්.මට ඒක ඇහුණා " මෝෆින් " වගෙයි. ටික වෙලාවකට පස්සේ නර්ස් කෙනෙක් ඉන්ජෙක්ෂන් එකක් ගෙනත් අර ලෙඩාට විද්දා. එහාට මෙහාට දඟල දඟලා හිටපු ලෙඩා පූස් පැටියෙක් වගේ නින්දට ගියා අර ඉන්ජෙක්ෂන් එකෙන් පස්සේ. සේලයින් එකකුත් දුන්නා අර ලෙඩාට. සිදු වෙන හැම දෙයක්ම මම එහා පැත්තට බලාගෙන ඉන්නවා. මට තිබිච්ච ලොකුම ගැටලුව මේ ලෙඩාගේ මොකක්ද අසනීපය කියන එකයි.
වාට්ටුවේ හවස ලෙඩ්ඩුන්ට තේ හදාගන්න උණු වතුර බෙදනවා වාට්ටුවේ ඇටෙන්ඩ්ට් කෙනෙක්. ඒ කෙනා මාත් එක්ක ටිකක් හිතවත් වෙලා හිටියේ. මට හිතුනා එයාගෙන් මේ ලෙඩාගේ අසනීපය ගැන විස්තර ටිකක් අහලා බලන්න ඕනේ කියලා.
" ඇයි අයියේ මේ ලෙඩා හරිම අමාරුවෙන් ඉන්නේ...කකුල් දෙක අස්සේ ලොකු දෙයක් හිරකරගෙන වගේ ඉන්නේ.."
" මල්ලී...මෙයා අංගොඩ ලෙඩෙක්...දවස් දෙකක් තිස්සේ මෙයා පුරුෂ ලිංගය එක දිගටම ප්‍රාණවත් වෙලා තියෙනවා..බහින්නේ නැහැ ලු..ඔපරේෂන් එකක් කරන්නයි ලෙඩාව මෙහාට ගෙනත් තියෙන්නේ "
" අම්මෝ...එහෙමද..."
කියලා මට ඉබේම කියැවුනා. එදාමයි ඇහුවෙත් මේ වගේ ලෙඩක් ගැන මම පලමු වරට. පුදුමත් හිතුනා පිරිමියෙකුට මේ වගේ ලෙඩක් හැදෙන්න පුලුවන්ද කියලාත්.
හවස් වෙනකොට වාට්ටුවේ ලෙඩ්ඩු බලන වෙලාව ලං වුනා. වාට්ටුවේ දැන් ලෙඩ්ඩු බලන්න ආපු අයගෙන් පිරිලා. පූස් පැටියා වගේ නිදාගෙන  හිටපු එකා එකපාරට නැගිට්ටා කියපන්කෝ.  මට හිතුනේ අර විදපු බෙහෙතේ පවර් එක ඉවර වෙන්නැති කියලා. දඟලලා දඟලලා කොහොම හරි බැඳලා තිබ්බ බැන්ඩේජ් ටිකක් ගලවා ගත්තා කියහන්කෝ.ගිනි විජ්ජුම්බරයයි.
හයිකරලා තිබ්බ මුත්‍රා බටය ගලවලා විසිකරලා   යට ඇඳුමත් ගලවලා විසි කරලා ඇඳේ ඉඳන් බිමට මුත්‍රා කරන්න පටන් ගත්තා. හෝස් පයිප්පක් ඇරියා වගේ වාට්ටුවේ  මහ සෙනඟ මැද්දේ මූ ඇඳෙන් පහලට  හුජ්ජ කරනවා. ඒ මදිවට අංගජාතය කෙලින් කරගෙන. ඒක දැකලා මිනිස්සු බය වෙන්නැති.හරියට මයියොක්කා අලයක් වගේ ඒක. මමත් අහකට පැන ගත්තා ගත්තා මූත්‍රා නාන්න වේවි කියා. වේලාවට මූත්‍රා කරේ  අපි හිටපු පැත්තට නොවෙයි අනික් පැත්තට. ඒ නිසා අපි බේරුනා.
ඒ අස්සේ ලැජ්ජාවේ බැහැ.මූ අරක දික් කරගෙන  හොඬවැල වගේ. මොනවා කරන්නද පිස්සෙක්නේ ඉතින්.මේක දැකලා ඇටෙන්ඩ්ට්ලා  3 දෙනෙකු දුවගෙන ඇවිත් දඟලපු ලෙඩාව අල්ලලා ආපහු ගැට ගැහුවා. ඊට පස්සේ ලෙඩාව හොඳට හෝඳලා ක්ලිනින් සර්ව්ස් එකෙන් ඇවිත්   ඇඳ අවට අස් කරලා පොලොව මොප් කලා. මට අප්‍රියාවේ බැහැ.මොනවා කරන්නද පහුවැනිදා මාමාගේ ඔපරේෂන් එකනේ, කොහොම හරි ඉන්නවා කියලා හිතුනා. එක අතකින් මේ සිදුවීම් හරි රසවත් මතක් වෙනකොටත් හිනා යනවා. ටික වේලාවකට පස්සේ අර ලෙඩාට ආපහු නින්ද යන බෙහෙතක් නර්ස් කෙනෙක් ගෙනත් විද්දා. ආපහු සුව නින්දකට වැටුනා. කලින් ඇන්ඳ  අන්ඩවෙයා එක තෙමුන නිසා  වෙන එකක් අන්ඳවලා තිබ්බෙත් නැහැ. අංගජාතය සරමෙන් උඩට ඉස්සිලා ප්‍රාණවත් වෙලා තියෙනකොට ලොකු ටෙන්ට් එක ගැහුවා වගේ හරියට. ඒ අස්සෙන් මට ලැජ්ජාව ඕක දකිනකොට. මිසිලාට, ඩොක්ටර්ස්ලාට ගාණක් නැහැ වගේ. රෝහලක කාර්‍ය මණ්ඩලය කොච්චර ඉවසීමකින් කටයුතු කරනවාද කියලා හිතුනා මේ සිදුවිමෙන් පසු. එයාලා හැම කෙනෙක්ම දකින්නේ ලෙඩෙක් හැටියටයි.
පහුවැනිදා උදේට මගේ මාමාගෙයි,මේ ලෙඩාගෙයි ඔපරේෂන් එක තිබුනේ. හෙට එලිවෙනකොට මොනවායින් මොනවා සිද්ද වෙලා තියේවිද කියලා..මට හිතුනා.වෙලාවකට මූ මගේ බෙල්ලටවත් පනිවිද කියලා බයක් මට දැනුනා. හරියට නින්ද ගියෙත් නැහැ. රෑ 12 ට වගේ ලස්සන නර්ස් කෙනෙක් ඇවිත් ලෙඩ්ඩුන්ට බෙහෙත් දීලා සේලයින් මාරු කරන්න ආවා.  අපේ මාමාට බෙහෙත් දිලා ඉවර වෙලා එහා පැත්තේ ඇඳ ගාවට කිට්ටු වුනා බයෙන් බයෙන් වගේ සේලයින් එක මාරු කරන්න. තරුණ ගැහැනු කෙනෙක් බය වෙන්නේ නැතුව තියෙයිද මූ අංගජාතය කෙලිං කරගෙන ඉන්නකොට. නර්ස් සේලයින් එක මාරු කරලා ගියා විතරයි මූට ආපහු පණ ආවා කියන්හකෝ. ආපහු දඟලලා කොහොම හරි  එක් අතක බැන්ඩේජ්  එක ගලවා ගත්තා.එදා තමයි තේරුනේ පිස්සන්ට පුදුම ශක්තියක් තියෙන්නේ කියලා. නර්ස් එහා පැත්ත හැරිලා අනිත් පෝලිමට බෙහෙත් දෙනවා. මුගේ අත කෙලින්ම ගියේ අංගජාතය වෙතට. සිදු වෙන හැම දෙයක්ම දිහා මම හොඳට බලාගෙන හිටියේ.
සට සට ගාලා සද්දේ ඇහෙන්න වේගයෙන්  මු අංගජාතය එහාට මෙහාට  පිරිමදිමින් නර්ස් නෝනා දිහා බලාගෙන #$තේ  ගහනවා කියන්හකෝ..නර්ස් නෝනාත් දැක්කත් නොදැක්කා වගේ හිටියේ එහා පැත්ත හැරිලා හිටිය නිසා. මටත් මේක දැන් මැජික් සංදර්ශනයක් වගේ. මූ ඉතින් පිස්සෙක්නේ ලිංගික හැඟිම් පහල වීම ස්වාභාවික දෙයක්නේ කියලා මටත් හිතුනා.  ඊට පස්සේ නර්ස් නෝනා ඇටෙන්ඩ්ට් කෙනෙකුට එන්න කියලා ලෙඩාගේ අත් දෙක බැන්ඳා.  පුදුමයි කියන්නේ.
..සාමාන්‍යයෙන් පිරිමියෙකුට ශුක්‍ර මෝචනයකින් පසු ලිඟුව  අප්‍රාණික විය යුතු වුවත්  මේ ලෙඩාගේ අංගජාතයේ කිසිම අප්‍රාණික වීමක් වුනේ නැහැ. කලින් තිබ්බ විදිහට මයියොක්කා අලයක් වගේමයි. ඒ අස්සෙන් මට හොඳටම නිදිමතයි. හෙට උදේ වෙනකම් බලාගෙන හිටියේ ඔපරේෂන් එකෙන් පස්සේ මාමා ගාව ලඟ තියන්න වෙන කවුරු හරි ගෙනත් තියන්න. මේ පිස්සාගේ පිස්සු විකාර දැකලාම එපා වෙලා මට.
පහුවැනිදා එලි වුනා.අපේ මාමාවයි අර ලෙඩාවයි   ඔපරේෂන් එකට සූදානම් කරලා සූදු මේස් අන්ඳවලා, ඔලුවට තොප්පිය වගේ එකක් දාලා   තියටර් එකට අරගෙන ගියා. ඔපරේෂන් එක කරේ තියටර් D කියන තැනේදි. මාමාව මුලින්ම ගත්තා. පැය 2 කට  විතර පස්සේ තියටර් එකෙන් එලියට දැම්මා අපේ මාමාව. අර ලෙඩාවත් තියටර් එකට ගත්තා. මම වාට්ටුවට ගිහින් පැයකට විතර පස්සේ අර ලෙඩාවත් ආපහු ගෙනත් දැම්මා. සිහිනැතිකරලා ඔපරේෂන් එක කරලා තියෙන්නේ අර ලෙඩාගේ. පැය ගාණක් ගියාට පස්සේ ලෙඩාව සිහිය ආවා. දැන් පූස් පැටියා වගේ පාඩුවේ ඉන්නවා.කලින් තිබ්බ අපහසුතා මොනවත් පේන්න තිබ්බේ නැහැ. ලෙඩ දාලා තිබ්බේ ඇදේ  නේම් ටැග් එකක් ගහලා තිබ්බා ඒ ශල්‍යකර්මය කරපු විශේෂ වෛද්‍යවරයාගේ නම ගහලා තිබ්බා. එහෙම ගහන්නේ ඔපරේෂන් එකෙන් පස්සේ ලෙඩ්ඩු වෙන් කර හඳුනා ගැනීමටයි. ඒකේ සඳහන් වෙලා තිබ්බේ Genito and Urinary Surgeon Dr.Nevile D Perera කියලා. වෛද්‍යවරයාගේ නම ප්‍රසිද්ධ කරන්න හිතුනේ  ඇත්තටම වෛද්‍යවරුන් කියන්නේ මිහිපිට ඉන්න දෙවිවරුන් කොට්ඨාසයක් ලෙස හැඳින්වීම වරදක් නොවන ලෙසයි.  මේ ලෙඩාගේ  ශිෂ්ණයට රුධිරය සපයන නහරයක ලේ කැටියක් සිර වීම නිසා  දින 2 ක් තිස්සේ මොහුගේ අංගජාතය ප්‍රාණවත් වී තිබු බවට පස්සේ දැන ගන්න ලැබුනා. එය රෝගී තත්ත්වයකි. එය ශල්‍යකර්මයක් මඟින් ඉවත් කොට ඇති බවක් දැන ගත්තා. සවස් යාමේදි මාමා ගාව නතර වෙන්න ලොකු අම්මාගේ පුතා ආවා. ඒ නිසා ආපහු මට ගෙදර යන්න අවස්තාව ලැබුනා. ඉස්පිරිතාලෙ නතර වෙලා හිටිය දවස් 4  ගොඩාක්ම අත්දැකීමක් ලැබුනා. ඒ වගේ සිදු වෙච්චි දේවල් හරිම විනෝදකාමීයි. අදටත් මතක් වෙනකොටත් බඩ පැලෙන්න හිනා යනවා. මගේ හිතේ මෙච්චර කල් හිරකරගෙන හිටපු කතාවක් ඔයාලා වෙනුවෙන් අකුරු කරන්න ලැබීම ගැන ලොකු සතුටක් වගේම ආත්ම තෲප්තියකි.
තවත් කතාවකින් නැවත හමු වෙමු....!
@සංකල්ප හෙරත්

Saturday, December 8, 2018

දෙවරක් මිය ගිය වධකාගාර ප්‍රධානියා..!

මේ සත්‍ය සිදූවීම් සහිත කතාව අද ඔයාලා වෙනුවෙන් අකුරු කරන්න හිතුනා. මේ සිදූවීමට සම්බන්ධ කතානායකයා 1980 දශකයේ භීෂණ සමයේ ලංකාවේ ප්‍රසිද්ධ වධකාගාරයක මෙහෙයුම් බාරව හිටපු මුස්ලිම් ජාතික හමුදා නිලධාරියෙක්. භීෂණ සමය ගැන ඔයලාට අමුතුවෙන් මතක් කරන්න ඕනේ නැහැ නේ.ඒ කාලේ වෙච්චි සිදුවිම් ගැන. ලංකාව පුරාම ටයර් සෑයවල් දකින්නට ලැබුනු යුගයක්. පැවති රජයට එරෙහිව කැරලි ගහපු අය වගේම අහිංසක මිනිස්සුන්ගේත්  ඉරණම විසදුනේ මේ ටයර් සෑයෙනි. සමහර අය තමන්ගේ තරහාකාරයොත් බොරුවට ආරක්ෂක අංශවලට පාවා දුන්නා. පාසල් වයසේ ඉන්නේ අහිංසක තරුණ අයත් මේ ආකාරයට පැහැර ගෙන ගොස්  මරා දැමුවා. මේ ආකාරයට සිදු වු පැහැර ගැනීම් වලට නායකත්වය ලබා දුන්නේ මේ හමුදා නිලධාරියා විසිනි. පැවැති රජය පරාජයට පත් වෙලා චන්ද්‍රිකා මැතිනියගේ රජයක් බලයට පත්  වුනා.බලයට පත්වු නව රජය විසින් පසුගිය කාලයේ අතුරුදන් වීම් පිලිබඳ හොයන්න ගත්තා.ඔයාටල මතක ඇති සූරියකන්දේ මිනි වලවල් ගොඩ දැම්මා. ඒ වගේම අතුරුදන් වුවන් පිලිබඳ සෙවීමට ජනාධිපති කොමිෂන් සභා පත් කරා. අතුරුදන් කිරීම් හා පැහැර ගැනීම් වලට අදාල ඇසින් දුටු සාක්ෂි තියෙන හමුදා හා පොලිස් නිල්ධාරීන්ට ඒරෙහිව අපරාධමය චෝදනා ගොනු කරා ඒ කාලයේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටි චන්ද්‍රිකා රජය විසින්. අදාල ජනාධිපති කොමිෂන් සභාව විසින් ඉහතින් සඳහන් කල හමුදා නිලධාරියාට එරෙහිව අවුරුදු  18 ක පාසැල් සිසුවෙකු  ගම්පහ  ප්‍රදේශයේදි තම දෙමාපියන්ගේ භාරකාරත්වයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමට එරෙහිව චෝදනාවක් ගොනු කලා.

නඩුවක් කියන්නේ හරියට අලු යට තියෙන ගිනි පුපුරක් වගේයි. කොයි මොහොතේ උඩට ඒවිද කියලා කියන්න පුලුවන් කමක් නැහැ. කාලයක් නඩුව නිසා වැඩ තහනමට ලක් වෙලා හිටපු හමුදා නිලධාරියා දේශපාලුවන්ගේ ආනුභාවයෙන් නැවැත රැකියාව පිහිටුවා ගත්තා.අඩු වයසින් හමුදා සේවයට බැඳුනු මේ නිලධාරියා අවුරුදු 22 ක සේවා කාලයෙන් පසු තමුන්ගේ වයස අවුරුදු 45 දි වගේ විශ්‍රාම යාමට තීරණය කරා. මේ හමුදා නිලධාරියාට එරෙහිව පැවැති  නඩුවත් අවුරුදු ගාණක් ඇදී ඇදීගොස්  ප්‍රමාණවත් සාක්ෂි තිබීම නිසා ගම්පහ මහාධිකරණයට යොමු වුනා අවසාන තීන්දුව ලබා දීම සඳහා. මහාධිකරණයේ දිගහැරෙන අතුරුදන් කිරීමේ චෝදනාවකට අදාල නඩුවකින් වැරදිකරු වුනොත් හිරේ යන්න වෙන බව මේ හමුදා නිලධාරියා දැනගෙන හිටියා. ඔහෝම ඉන්නකොට ඔයාලට මතක ඇති 2004 අවුරුද්ද ලංකාවට සුනාමියක් ඇවිල්ලා මහා විනාශයක් සිදු වුනා. සුනාමිය එනකොට මේ හමුදා නිලධාරියා හිටියේ අම්පාර ප්‍රදේශයේ. එම ප්‍රදේශයට දැඩි හානියක් සිදු වෙලා ජීවිත හා දේපොල බොහොමයක් මුලුමනින්ම විනාශයට පත් වුනා. මේ හමුදා නිලධාරියාත් සුනාමියට හසු ව මිය ගිය බවට ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් පොලිසියට හා සමාජ සේවා දෙපාර්තමේන්තුවට පැමිණිලි කලා. එම පැමිණිලි පිලිබඳව විභාගයක් පවත්වා අදාල ආයතනය විසින් අවසිනයේදි මේ හමුදා නිලධාරියා සුනාමියට හසුව මිය ගිය බවට මරණ සහතිකයක් ඔහුගේ පවුලේ සාමාජිකයන්ට නිකුත් කලා. එම පවුලේ සාමාජිකයන් විසින් අදාල මරණ සහතිකය මහාධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් මඟින් ඉදිරිපත් කරමින් කියා සිටියේ අදාල නඩුවේ විත්තිකරු සුනාමියට හසු ව මිය ගොස් බැවින් අදාල නඩුවෙ කටයුතු අවසන් කරන ලෙසටය. එම ඉල්ලීම පිලිගත් මහාධිකරණය අදාල හමුදා නිලධාරියාට එරෙහිව පැවැති නඩු විභාගයේ කටයුතු අවසන් කලා.ටික කාලයකට පසු හමුදා නිලධාරියගේ පවුල අම්පාර ප්‍රදේශයෙන් හිටි හැටියේ සංක්‍රමණය වුනේ එල්.ටී.ටී ඊ පාලන ප්‍රදේශයක් වු මඩකලපුව ප්‍රදේශයයටය. වසර ගණනාවක් එහි ජීවත් වුනා.

හිටි හැටියේ එක දවසක් මේ හමුදා නිලධාරියා ලඟින්ම ඇසුරු කරපු රියදුරෙක්  අම්පාර ප්‍රදේශයේ බුද්ධී අංශයේ පොලිසියේ නිලධාරියෙකුට අහම්බෙන් හමු වුනා. බුද්ධි අංශ නිලධාරියා වෙස්වලාගෙනයි හිටියේ. අරක්කු වලට කෑදර රියදුරාට හොඳට බොන්න දී කිසියම් තොරතුරක් ලබා ගන්න උවමනාවක් මේ බුද්ධි අංශ නිලධාරියාට උවමනා වෙලා තිබ්බේ.

" මචං..! මේජර් සර්... ඇත්තටම සුනාමියට  අහු වෙලා මැරුණාද...බං..."

හොඳට මත් වෙලා පියවි සිහියක් නැතිව හිටපු රියදුරා දුන්නේ මේ වගේ පිලිතුරක්...!

" ඒක රඟපෑමක් බං...සර් යස අගේට දැන් එල්.ටී.ටී.ඊ පාලන ප්‍රදේශයකට වෙලා පවුලත් එක්ක ජීවත් වෙනවා..."

" මොනවා...ඇයි බං සර් ඒ වගේ රඟපෑමක් කලේ.."

" සර්ට...තියෙන හයිකෝට් නඩුවෙන් බේරෙන්න..බං එහෙම කලේ...සුනාමියෙන් මැරුණු ලිස්ට් එකට බොරුවට නම  දාලා මරණ සහතිකයක්  අරගෙන නඩුවෙන් සර් ගැලවුනා..."

ඔන්න බළලා...මල්ලෙන් එලියට පැන්නා නේද..තව කතාවක් තියෙනවා අහලා නැද්ද. හැමදාම හැංඟි හොරා වෙස් මුහුණු බඳින්න බැහැ කියලා..

බුද්ධි අංශ නිලධාරියා මේ ආකාරයට තමුන්ට ඕනේ කරන හැම තොරතුරක්ම මේ ආකාරයට බිමත්ව සිටි තම රියදුරු මිතුරාගෙන් ලබා ගෙන ඒ සියලුම තොරතුරු පොලිස් මුලස්ථානය වෙත ලබා දුන්නා. මේ මෙහෙයුම කොච්චර සාර්ථකද කියනවා නම් වෙස් වලාගත් පොලිස් කණ්ඩායම ක් එල්.ටී.ටී.ඊ පාලන ප්‍රදේශයට ඇතුලු වී අදාල හමුදා නිලධාරියා අත් අඩංගුවට ගන්න කම්  කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. අවසානයේදි ඔහුට සියල්ල වමාරන්න සිදු වුනා.  අධිකරණයේ විභාග වන නඩුවකදි මේ ආකාරයට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර කරුණු වසං කරමින්  අධිකරණය නොමඟ යැවීම බරපතළ කාරණාවක්. මේ හේතුව නිසා ගම්පහ මහාධිකරණය විසින්  හමුදා නිලධාරියාට  නියම කර තිබු ඇප අවලංගු කොට නඩු විභාගය අවසාන වන තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කලා. තවද ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට අධිකරණය නොමඟ යැවීමට එරෙහිව තවත් චෝදනාවක් සහිත නඩුවක් මහාධිකරණයේ ගොනු කරල ලෙස පොලිසියට උපදෙස් දුන්නා. අවුරුදු  9 ක් රිමාන්ඩ් එකේ ඉන්න වුනා. මහාධිකරණයේ විනිසුරුවරුන් කෙටි කාලයක් තුල මාරු වෙන නිසා නඩු විභාගයේ අවසානයක් පෙනෙන්නට තිබුනෙත් නැහැ. රිමාන්ඩ් එකට ආවාට පස්සේ හමුදා නිලධාරියාගේ බිරිඳ  දරුවන් සමඟින් වෙන සැමියෙක් එක්ක ජිවත් වුනා.හමුදා නිලධාරියා  අන්තිමේදී තනි වුනා හිරගෙදරදි. කිසි කෙනෙක් බලන්න ආවේ නැහැ. දරුවන්ටත් එපා වුනා. මෙහෙම ඉන්න ගමන් ඒ ගැනම කල්පනා කරලා  මානසික පීඩනය වැඩි වෙලා හමුදා නිලධාරියාට  අංශ භාහය හැදුනා.පැත්තක් පණ නැතුව ගියා. සෑහෙන්න දුක් වින්දා රිමාන්ඩ් එක ඇතුලේ. පිහිටට උදව්වලට හිටියේ රිමාන්ඩ් එකේ අය විතරයි. මෙහෙම කාලයක් ඉන්නකොට මොහුගේ උදරයේ පිලිකා වැනි රෝගී තත්ත්වයක් හට ගෙන ඇති බව වෛද්‍යවරුන් විසින් සොයා ගත්තා.පිලිකාවක් වගේ ලෙඩක රෝග ලක්ෂණ මතු වෙනකොට ඒ ලෙඩේ ගොඩාක් ඔඩු දුවලා ඉවරයි. මහරගම පිලිකා රෝහලට ඇතුලත් කර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතරතුර භීෂණ සමයේ වධකාගාරයේ මෙහෙයුම් නිලධාරියා වශයෙන් කටයුතු කල මේ කතාවේ කතා නායකයා මේ වර්ෂයේ මැද භාගයේදි ජිවීතයෙන් සදහටම සමු ගත්තා.

" යුද්ධය හා රට දැය වෙනුවෙන් හැම දෙයකක්ම කැප කරපු මට මේ වගේ කරුම සහගත ලෙඩක් හැදුනේ ඇයි කියලා හිතා ගන්න බැහැ...ඉහල දේශපාලන නායකත්වය දුන්න නියෝග නිසායි...අපිට කැරැල්ල මර්ධනය කරන්න සිදු වුනේ.."

මරණ මංචකයේදි ඔහුගේ මුවින් නිකුත් වුන අවසාන වචන පෙල මෙයයි.

කතාවක් තියෙනවා අහලා නැද්ද ..කෙනෙක් තමන්ගේ බල පුලුවන්කාරකම් පෙන්වලා රජයේ නීතියෙන් බේරුනත් ඔහුට දේව නීතීයෙන් බෙරෙන්න බැහැ කියලා..තමුන් කල කර්මයන් මේ ආත්මයම පඬිසන් දෙනවා..මැරුණාම අමුතුවෙන් අපායවල් ඕනේ නැහැ...ඒ හැම අපායක්ම වගේම දෙව්ලොවක්ම ඇත්තේ අපි  ජීවත්  මේ මනු ලොව තුලයි...!

Friday, December 7, 2018

පඹයෙක් තනා හිරෙන් වාෂ්ප වු සරණපාල


අද ලියන්නට හිතුනා ලංකාවේ හිරගෙදර ඉන්න වික්‍රමාන්විත  සිරකරුවෙකු ලෙස ප්‍රසිද්ධ පුද්ගලයෙකු ගැනය...ඔහු නම්න් පඹයා නොහොත් සරණපාල ලෙස හඳුන්වන්නම්..මොහුගේ විශේෂතවය තමයි හිරගෙදරින්  4 වතාවක් පැනලා ගිහින් තියෙනවා බොහෝම උපක්‍රමශීලිව,කෙනෙකුට හිතෙන්න පුලුවන් අවස්තා 4 කදි හිරෙන් කොහොමද පැන්නේ කියලා...ඒ විස්තර ඉස්සරහට කියන්නම්. සරණපාල කුරුණෑගල පැත්තේ ගමක දුප්පත් පවුලක ඉපදුනු කෙනෙක්...ඔහුගේ පවුලේ සහොදර සහෝදරියන් 6 ක් ඉන්නවා..සරණපාලගේ තාත්තා මැරුනාට පස්සේ පවුලේ බර කරට ගත්තේ සරණපාල විසිනි...මුලින්ම කුලි වැඩ කරලා ආදායමක් සරණපාලට ලැබුනත් ඒ ආදායම සරණපාලට ප්‍රමාණවත් වුනේ නැහැ ...ඊට පස්සේ ගමේ කසිප්පු පෙරන්න ගත්තා...ඒකත් දිගටම කරගෙන යන්න බැරි වුනා පොලිසියෙන් බේරෙන්න බැරි නිසා..අන්තිමේදි සරණපාල හොරකම් කරන්න පටන් ගත්තා ගෙවල්වලට පැනලා..සරණපාල එක දවසක් ඇතුලත ගෙවල් 4-5 කට පැනලා බඩු හොරකම් කරලා ඒවා විකුණලා  තම පවුලේ නංගීලාට..මල්ලීට උගන්වන්න සල්ලී හොයලා දුන්නා..කතාවක් තියෙනවානේ හැමදාම හැංගි හොරා කරන්න බැහැ කියලා...අන්තිමේදි සරණපාල පොලිසියට කොටු වුනා...

පොලිසියෙන් බේරෙන්න බැරි වුනා අන්තිමේදි නඩු වැලක් දැම්මා..ඔහු කරපු හොරකම් වලට අමතරව  හොරෙකු හොයා ගන්න බැරුව හිටියේ අනුන්ගේ නඩුත් සරණපාලට දැම්මා...ඔක්කෝම හොරකම් නඩු 50 ක් විතර වැටුනා..පුදපි යකා කිව්වලු නේද..අන්තිමේදී සරණපාල  රිමාන්ඩ් වෙන්න වුනා..නඩු 50 කට ඇප තියනවා කියන ඒක ලේසි වැඩක් නොවෙයිනේ..
සරණපාල වෙනුවෙන් දුවලා පැනලා වැඩ කරන්න කෙනෙක් පවුලෙත් හිටියා නැහැ.

අන්තිමේදි සරණපාලට කරන්න බැරි දෙයක් නැති තැන තමුන් කරපු හොරකම්  නඩුවලට වැරැද්ද භාර ගන්න සිද්ද වුනා.. සරණපාලට උසාවියෙන් සිර දඬුවම් නියම වුනා..ඊට අමතරව දඩ නියම වුනා...ඒවා ගෙවන්න කෙනෙක් හිටියේ නැති නිසා ඒවාටත් සිර දඬුවම් නියම වුනා..ඔක්කෝම නඩු ටික ඉවර වෙනකොට සරණපාලට හිමි වෙච්ච මුළු  සිර දඬුවම අවුරුදු 90 ක් වුනා...කවදා එලියට බැහැලා මහ පොලොව පාගන්නද ? ඒ අස්සෙන්  හිරේ ඉන්න සරණපාලට පවුලේ දුක්ගිනි අදෝනා අහන්න ලැබෙනවා...ඒවා අහලා ඔහුගේ හිතේ පීඩනය තවත් වැඩි වෙනවා..එක දවසක් ඔහුට හිරගෙදරින් පැනලා යන්න හිත් පහල වෙනවා..
හිරගෙදර ඕනෑම සිරකරුවෙකු සවස 6 සිට පහුවැනිදා උදේ 6 දක්වා කාලය  ගත කරන්නේ සිර කූඩූවක් තුලය...ඉතින් සරණපාලත් තමුන්ට හිමි සිර කූඩුවලට වෙලා රැය ගත කරනවා..ඔහුගේ උපක්‍රමය  වුනේ සිර මැදිරියේ බිත්ති හාරාගෙන සිර කූඩුවෙන් එලියට ඇවිත් තමුන් නිදාගන්න බෙඩ් ෂීට් එක ඉරලා කෑලීවලට ගැට ගසා ලණුවක් වගේ හදාගෙන තාප්පයෙන් පැනලා යන්නයි...ඒ හින්දා ඔහු දවස ගානේ සිරමැදිරි බිත්තිය කාටත් නොදැනෙන්නට ටිකෙන් ටික හාරන්න පටන්න ගත්තා..මධ්‍යම රාත්‍රියේදි ටිකෙන් ටික හාරන බිත්තියේ සිදුර දවල්ට කාටත් පිටතින්  නොපෙනෙන්නට පිලියෙල කලා.. ඒකට ඔහු කලේ තමුන්ට උදේට කන්න ලැබෙන පාන් ගෙඩි ටික එකතු කරලා ඒක වතුරෙන් දිය කරලා ඒකට හුණු එකතු කරලා බදාමයක් වගේ හදාගෙන ඒකෙන් ඒ සිදුර පිටතින් හා එලියෙන් වැහුවා...ඒකත් බැලුවාම පේන්නේ හරියට බිත්තිය වගේමයි...

දැන් ඉතින් සරණපාලට හිරෙන් පැනලා යන්න ඕනේ කරන දිනය උදා වුනා..ඒත් පොඩි ගැටලුවක් වුනා හිරගෙදර ගාඩ් මහත්තුරු පාන්දර 1 ට ඩියුටි මාරු වෙනවා..ඒ ඩියුටි භාර ගන්න නිලධාරීන්  තමුන්ට අයිති සිරමැදිරි තුල ඉන්න සිරකරුවන් ටෝච් ගහලා ගණන් කරලා භාර ගන්න ක්‍රමයක් තිබුනා...සරණපාලට ඒකත් කල්පනා වුනා...ඒ නිසාම ඔහු රෑ 12 ට විතර හිරගෙදරින් එලියට පැනලා යන්න හිතා ගත්තා..පාන්දර 1 ට ඩියුටි භාර ගාඩ් මහත්තුරුන්ටගේ ඇස්වලට වැලි ගසා ඔවුන්ටත් නොදැනෙන්න සිර කූඩුවෙන් එලියට පනින්න ඔහු සැලසුම් දියත් කරා.. ඔහු ඒ වෙනුවෙන් කරේ තමුන්ගේ සිරමැදිරිය  තුල  කොට්ට් 2 ක්  දුරින් එලා එය බෙඩ් ෂීට් එකකින් වසා පඹයෙක් සැදුවා..කලුවරේ තියෙන සිරමැදිරිය තුලට ටෝච් එක ගහලා බැලුවොත් බැලු බැල්මට පෙනෙන්නේ හිස සිට දෙපතුල බෙඩ් ෂීට් එකකින් වසාගෙන බිම නිදියගෙන ඉන්න සිරකරුවෙකු විදිහටයි..අන්තිමේදී හිරකූඩුවේ පඹයෙක් ඉතිරි කරලා සරණපාල බිත්තියේ සිදුරින් එලියට ඇවිත් ඒ සිදුර ආපහු අර පාන් බදාමයෙන් වසා  බෙඩ් ෂීට් එකෙන් හදාගත්ත ලණුවක් උපයෝගි කරගෙන හිරගෙදර උසම උස තාප්පයෙන් පැනලා ගොස් තමුන්ගේ නිදහස සොයා යන්නට උත්සාහ කරනවා.. ඔහුට ඒ හැර වෙන කරන්න දෙයක් හිරහෙදර තුල ඉතිරි වෙලා තිබුනෙත් නැහැ...මේ සිදූවීම 1980 දශකයේ වගේ කාලේ වෙච්ච සිදූවිමක්..දැන් නම් හිරගෙදර බිත්තිවල පිටතින් ස්වයංක්‍රීය ගිනි අවි සහිත නිලාධාරිගේ මුර අට්ටාල තිබෙනවා..ඒ කාලේ ලොකු ආරක්ෂාවක් පිටින් තිබිලත් නැහැ...

ඕනෑම හිරගෙදරක උදේ 6 ට සියලුම සිර මැදිරි විවෲත කරමින් සෑම සිරකරුවෙක්ම එලියට අරගෙන ගණන් කිරීම  සම්ප්‍රදායක්.පහුවැනිදා උදේ 6 ටයි දන්නේ සරණපාල හිරගෙදර සිර කූඩුවෙන් වාෂ්ප වුනා කියලා...හිරගෙදර පාලනාධිකාරිය අන්දමන්ද වුනා මේ සිදුවීම ගැන...ඔහුගේ සිරමැදිරිය වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදි ඔහු විසින් බිත්තියේ හාරන ලද කුහරය හොයා ගන්නට පුලුවන වුනා..ඒත් තාප්පයෙන්  පැන ගිය බවට කිසිම සාක්ෂීයක් සරණපාල  ඉතුරු කරලා තිබ්බේ නැහැ ..  ඔහු ඒ තරමට දක්ෂ නිසා වෙන්නැති...සරණපාල සිපිරිගෙයින් මේ අයුරින් වික්‍රමාන්විතව පැන ගිය ආකාරය පිලිබද ලංකාවේ සියලුම පොලිසි ස්තානවලට දුරකථන පණිවිඩ ගලා එන්නේ ඔහු නැවත කෙසේ හෝ අල්ලා ගන්නා ලෙසටය..සරණපාල  හිරෙන් පැනලා එලියට ආවා කියලා හැමදාම ඔහුට හැංඟිලා ඉන්න බැරි වුනා.. ඒ ඔහුට කරන්න වෙන දෙයක් ඉතුරු වෙලා තිබ්බේ නැහැ එලියට ඇවිත්...පවුල ජීවත් කරවන්න ආදායමක මාර්ගයක්  තිබ්බේ නැති නිසා සුපුරුදු පරිදි ඔහු යලිත් හොරකමකට වැටුනා..ආයේත් පොලිසියට කොටු වුනා..තවත් අලුතින් නඩු 10-15 ක් අරගෙන සරණපාලට හිරගෙදරටම ආපහු එන්න වුනා.. හිරගෙදරින් පෑනයාම සම්බන්ධයෙන් ඔහුට අලුතින් සිර දඬුවම් නියම  වුනා..මේ වගේ හිරේ ඉන්න මිනිහෙකුට කරන්න තියෙන්නේ  මොකක්ද කියන්නකෝ... සරණපාලගේ සිර දඬුවම අවුරුදු 100ක් දක්වා වඩා වැඩි වුනා...

තව පාරක් සරණපාල වාරියපොල උසාවි ගෙනෙකොට හිරගෙදර  කුස්ස්සියන් හොරෙන් ගත්ත මිරිස් කුඩු අරගෙන ගිහින් ජේලර් මහත්තුරුන්ට ගහලා  උසාවියෙන් පැනල යනවා..තව පාරක් හිරගේ ඇතුලට එන දර ලොරියක් අස්සෙ සරණපාල හැංගිලා එලියට පැන ගන්නවා..මේ විදිහට අවස්තා 4 කදි හිරේ පැනලා ගිය සරණපාලට කවදාවත් එලියේ නිදහසක්  හොයා ගන්න බැරි වුනා..පැනලා ගිහින් මාස 2-3 කට පසු ඔහු හොරකමේ ගිහින් පොලිස් අත් අඩංගුවට පත් වුනා..අනේ මන්දා පුදුම ජීවීතයක් නේද...? දැන් හිරගෙදරටම සරණපාල වයසට ගිහින් ඔහුගේ වයස අවුරුදු 65 ක් වෙනවා ඇවිදින්නෙත් බොහොම අමාරුවෙන්..ඔහුව දකින කවුරුත්  ආමාන්ත්‍රණය කරන්නේ " පඹයා " ලෙසටය. ඔහු ඒ කාලේ සිදු කරන ලද වීර වික්‍රමාන්විත ගැන කවුරුත් උජාරුවෙන් කතා කරයි.  ඔහුද ඒවා දෙස දත් විරිත්තාගෙන බලා සිටින්නේ අහිංසක ලීලාවෙනි.ඒ කාලේ තිබු ඔහුගේ ශක්තිමත් සිරුර දැන් වැහැරි ගොස්ය කරනලද හැම දෙයක් ගැන පශ්චත්තාපයට පත් වෙයි..සිරගෙදර පැවැත්වෙන හැම භාවනා හා ධර්ම දේශනා වැටසටහනකටම ඔහු අනිවාර්යයෙන්ම සහභාගී වෙයි..
" දැන් මට ඉතුරු වෙලා තියෙන්නේ හිරගේ ඇතුලේදි හරි  ඊ ලඟ ආත්මයට යමක් කරගන්නයි...මහත්තයෝ..ලොකු බලාපොරොත්තු හිතේ  ඉතුරු වෙලා නැහැ මහත්තයෝ..මම මහා පව් කාරයෙක්..."
සරණපාල නොහොත් පඹයා හඬ අවසන් වරට අවදි කලේ එසේය.
තවත් මෙවැනිම කතාවකින් නැවත හමු වෙමු...ඔබ සැමට ජය හා සතුට...!

හයිබ්‍රිඩ් කාර් එකෙන් බැසගත් හොරා...!



අද මට ලියන්න හිතුනා ලංකාවේ  බන්ධනා
-ගාරයක සිටින සුපිරිම හොරෙක් ගැන ලියන්න. මේ පුද්ගලයා හොරකමේ යන්නේ හයිබ්‍රිඩ් කාර් එකකින් හොඳට ඇඳ පැළඳගෙනයි. කෙනෙකුට  හිතන්න පුලුවන්ද..?  හයිබ්‍රිඩ් එකකින් ගිගින් හොරකම් කරනවා කියලා. හොඳට කිට මරලා නියම ජෙන්ටල්මන් කෙනෙක් වගේ වැඩේට බහින්නේ. මේ හයිබ්‍රිඩ් කාර් එකත් දවසේ කුළියට රෙන්ටල් කාර් සර්විස් එකකින් හයර් කරන එකක්. මේ හොරාට හොරකමේ යෑමට උදව් කරන තව ගෝලයෙක් හිටියා. මේ ඩබල කාර් එකේ ගිහින් තමයි හොරකම් කරන්නේ. මේ හොරුන් දෙන්නා දවල්ට කරන්නේ යමක් කමක් තියෙන ලොකු සල්ලිකාර ගෙවල් ගැන ඔත්තු බලලා තොරතුරු රැස් කර ගන්නවා. විශේෂයෙන්ම සී.සී.ටී.වි කැමරා හා ආරක්ෂාවට බල්ලන් ඇති කරන ගෙවල් ගැන හොයලා බලනවා. විශේෂයෙන්ම ,මාරවිල වෙන්නප්පුව , කටුනේරිය වගේ ප්‍රදේශවල ඉතාලියේ විදේශගත වෙලා ඉන්න අයගේ නිවාස තමයි මේ හොරුන්ගේ ඉලක්ක බවට පත් වුනා. එහෙම නැතිනම් කුරුඳුවත්ත පැත්තේ කෝටිපති  ව්‍යාපාරිකයන්ගේ නිවාස. මොවුන්ගේ ඇති විශේෂත්වය තමයි හොරකම් කරන්නේ  රත්තරං හා මුදල් පමණයි. ඕනෑම නිවසකට සූක්ෂ්ම ලෙස කිසිවෙකුටත් නොදැනෙන්නට  ඇතුළු වී කිසිඳු සාක්ෂියක්  ඉතුරු නොකර නිවාස තුළ පිහිටි රත්තරං බඩු හා මුදල් සොරකම් කිරීමයි.හොරකමේ යන විට රැගෙන යන්නේ පුංචි ඉස්කුරුප්පු නියනක් පමණයි.
මෙම පුද්ගලයා පළමු වරට බන්ධනාගාර ගත වෙන්නේ 2008 වර්ෂයේදිය. ඒ සාමාන්‍ය පවුල්වල නිවාස කිහිපයක්  මංකොල්ලකෑම් චෝදනාව උඩය. නඩු විසි ගණනක් වැටෙන ඔහු හෝමාගම උසාවියේ සිරමැදිරියේ වැසිකිලියේ ඇති ජනේලයේ කම්බි කූරු ගලවාගෙන මොහු පලමු වරට හිරෙන් පැන යයි. හිරෙන් පැන ගිය මොහු තමුන්ගේ නම වෙනස් කරමින් හොර ව්‍යාජ හැඳුනුම්පතක් සකස් කරමින් වෙස් වළාගෙන සමාජයේ සැරිසරයි. ගැහැනු දරුවන්  සමඟ කාටත් නොදැනෙන්නට පවුල් ජීවීතයක් ගත කරයි. විවිධ අධිකරණවලින්  අත් අඩංගුවෙන් පැන ගිය මොහුට එරෙහිව වරෙන්තු නිකුත් කරයි. මොහුගේ දෙවැනි ආගමනයෙන් පසු මොහුගේ හොරකම් කිරීම මොඩිෆයි වුනා කිව්වොත් හරි. හොරකම් කිරීමත් කරන්නේ මම කලින් කිව්ව විදිහට හයිබ්‍රිඩ් කාර් එකෙන් ගිහින්. මාසේට හයිබ්‍රිඩ් කාර් එකක කුලි ගෙවාගෙන ඒක නඩත්තු කරන්න නම් තමුන් කරන හොරකම්වලින් ලබා ගන්නා ආදායම් එසේ මෙසේ ඒවා නොවෙන බව කොනෙකුට සිතෙන්නට පුලුවනි. මහා පරිමාණ සොරකම් වලින් ලැබිච්චි ආදායම්වලින් තමුන්ගේ පවුලේ නැදෑ හිතමිතුරන් හොඳට සලකා තිබෙයි. හිරෙන් පැන ගොස් අවුරුදු අවුරුදු 05 කට පසු මොහු නැවත පොලිස් අත් අඩංගුවට පත් වෙන්නේ කදාන ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසක් මංකොල්ලකෑමට යෑමේදි ඔහුගේ හැඩරුව එම නිවස සී.සී.ටී.වී කැමරාවක සටහන් වීම නිසා පොලිසිය විසින් ඔහුව හඳුනාගැනිම සඳහා මාධ්‍ය මඟින් මහජන සහාය පැතීම නිසායි. එම වීඩීයෝ දර්ශන තුළ පවා අඩංගු වෙන්නේ මුහුණ කලු පැහැති රෙද්දකින් වසා පුද්ගලයෙකු නිවසට ඇතුලු වීමයි.එම දර්ශන වල හැටියට මොහුගේ ශරීරයේ හැඩ හුරුකම් අනුව  මොහු දෙවැනි වරටත් පොලිස් අත් අඩංගුවට පත් වෙයි. අත් අඩංගුවට පත් වන විට මොහු විසින් සොරා ගන්නා ලද රත්තරං කිලෝ ගණනින් උණු කර කිසිවෙකුටත් සොයාගැනීමට නොහැකි වෙන සේ වෙනස් කර තිබීම නැති වු නඩු භාණ්ඩවල අදාල පුද්ගලයින්ගේ නියම අනන්‍යතාවය තහවුරු කිරීම ලෙහෙසි පහසු නොවේ. මෙම ව්‍යාපාරිකයාද අදාල චෝදනා සඳහා ආධාර අනුබල දිම සම්බන්ධයෙන් පොලිස් අත් අඩංගුවට පත් විය. ව්‍යාපාරිකයා විසින් තමුන්ට රන් බඩු ලැබුණු ආකාරය පොලිසියට පාපොච්චාරණය  ක‍ර තිබෙයි. ඒ අනුව විමර්ශන පවත්වා පොලිසිය විසින් ප්‍රධාන සැකකරුට හා ඔහුගේ ගෝලයාට එරෙහිව විවිධ ප්‍රදේශවල නඩු පවරා තිබේ.දැනට එක් අයෙකුට  පවරා ඇති නඩු පවරා ප්‍රමාණය 200 ක් පමණ වේ. මොවුන් චෝදනා කරන්නේ පොලිසිය විසින් තමුන් නොකල වැරදි සඳහාද බොරුවට නඩු පැවරු බවයි. එලෙස පැවරු නඩු වලින් සමහර අපරාධ ස්තානයන්හි මොවුන්ගේ ඇඟිලි සලකුණු හා පා සටහන් වැනි පරිවේශණිය සාක්ෂි ඉදිරිපත් වීම නිසා එම නඩුවලට මොවුන් වැරදිකරුවන් බවට පත් වීම නිසා සිර දඬුවම් නියම වී තිබේ. මොවුන් විසින්  සොරකම් කරමින් උපයා ගත් වත්කම් අධිකරණය මඟින් තහනම් කොට තිබේ. සමහර  දේපළ රාජසන්තක කර තිබේ.
" ඇත්තටම මහත්තයෝ ...එලියට බහින දිනයක් ගැන කියන්න බැහැ...ඒක දන්නේ උඩ ඉන්න දෙවියන් විතරයි...හිරේ යන්නයි...
හොරකම්  කරපු රත්තරං ටික ආපහු පොලිසියට දෙන්නයි දෙකක් කරන්න බැහැනේ ..ඒ නිසා අපිට හිරේ යන එක දාහකින් සම්පතයි..අපේ ගෙවල්වල උන් කාලා බීලා හොඳට ඉන්නවා...ඒක අපිට ඇති...ගොඩාක් අය හිතාගෙන ඉන්නේ..ගෙදර බල්ලෙක් ඇති කරාම ඌ ගෙදර ආරක්ෂාව කරාවි කියලා..දැන් ඉන්න බල්ලෝ  රෑට කාලා හොඳට සැප සනීපෙට නිදියන නිසා දැන් හොරුන්ට බය වෙන්න දෙයක් නැහැ..හොරු හැටියට අපි ගොඩාක්ම  දියුණුයි නවීන තාක්ෂණයට වඩා...ඒකයි අපි මෙච්චර හොරකම් ප්‍රමාණයක් අහු නොවෙන්න මෙච්චර කල් කලේ..ඒත් දැන් තමයි ඒවායේ ප්‍රතිඵල විඳවන්නේ..."
ඔවුන්ගේ මේ ප්‍රකාශයෙන්  මේ කතාව අවසාන කරනවා...අලුත් කතාවකින් නැවත හමු වෙමු..

ඉස්සර චණ්ඩි සහ හිරෙත් රඟන අද චණ්ඩි...!




අද කාලේ පාතාලය හිස  එසවීම  සමාජයේ අපරාධ රැල්ල වැඩි වීමට හේතුවක් බව කොයි කවුරුත් දන්නා කරුණකි. මේ සියලුම පාතාලයට සම්බන්ධ අපරාධකරුවන් අවසානයේ කොටු වන්නේ හිරගෙදර බිත්ති හතර තුලය. ඇත්තටම මොන චණ්ඩි වුනත් හිරගෙදර රිමාන්ඩ් එකට ආවාට පස්සේ ඉන්නේ පුදුම බයකිනි. බන්ධනාගාරය තුලට එන්නේ උසාවියෙන් විශේෂ ආරක්ෂාවක් ඉල්ලාගෙනය.  ඒ සඳහා වැය වන්නේ නීතිඥයෙකුට ගාස්තු ගෙවා බන්ධනාගාරය තුල තමුන්ට ප්‍රතිවාදින්ගේ තර්ජන ඇති බව  අධිකරණයට පවසමින් බන්ධනාගාරය තුල මෙන්ම උසාවි යෑමේදි විශේෂ ආරක්ෂාවක් ඉල්ලා සිටීමයි.  කෙනෙකුට හිතෙන්න පුලුවන් මෙච්චර චණ්ඩි පාට් දමන අය හිරගෙදර බිත්ති 4 ක් ඇතුලේ මෙච්චර බය වෙන්නේ ඇයි කියාය.  බන්ධනාගාරයක් තුල විශේෂ ආරාක්ෂාවක් සහිතව රැඳවීමේදි විශේෂ ආරාක්ෂාවක් සහිත සිරමැදිරි තුල වසා දැමීමට සිදු වේ.ඒවායේ ඉන්න අනෙකුත් සිරකරුවන්ගේ පැටිකිරිය ගැන වැඩි අවධානයක් යොමු කිරීමට බන්ධනාගාර බලධාරීන්ට සිදු වේ. සමහර විට උසාවි කරා ගෙන යාමේදි තම ප්‍රතිවාදින් සමඟ එකම බන්ධනාගාර බස් රථයේ ගෙනයාමට පවා සිදු වේ.එසේ නැතිනම් වෙනම එස්.ටී.එෆ් ආරාක්ෂාවක් සහිතව පරිවාර බැකප් රථයකින් ආරාක්ෂාවක් සලසා දීමට සිදු වේ. මේ නිසාම කෙනෙකුට හිතන්න පුලුවන් දරුණු ගණයේ අපරාධකරුවන්ට මෙච්චර ආරාක්ෂාවක් ලබා දීමට මහජන මූදල් නාස්ති කරන්නේ ඇයි කියාය. මොවුන් මේ අයුරින් ආරක්ෂා කිරීමෙන් සමාජයට සිදු වන සෙත මොකක්ද කියලා තවත් කෙනෙකුට සිතෙන්නට පුලුවන්‍ ය.

ඔය කියන පාතාල සාමාජිකයන් බන්ධනාගාරයේ විශේෂ සිරමැදිරි තුල ජීවීකාව ගත කරන ආකාරය ගැන ඇහුවොත් ඔබ වෙලාවකට පුදුම වේවි. තමුන්ට අවශ්‍ය කරන කෑම බීම පවා බන්ධනාගාරය තුලට තම නෑදෑ හිතමිත්‍රාදින් ලවා ගෙන්වා ගන්නේ විමසිලිමත් බවකිනි.එලෙස ගෙන්වන කෑම අඩංගු භාජන පවා ඉබි යතුරු දමා  වසා බන්ධනාගාරය  තුලට ගෙන එයි. ඒ ආහාරවලට වස විස එකතු කර ඇතැයි බියෙන් එම ආහාරවල මුල් කොටස් පූසන් වැනි සතුන්ට පලමුව කන්න දී ටික වෙලාවකට පසු දකින්නට ලැබෙන නිරීක්ෂණ අනුව එම ආහාර වෙලා තමුන්ගේ පරිභෝජනය සදහා සුදුසු යයි තීරණය කරයි.අනුන් දෙන කෑම බීමක් පවා ආහාරයට ගැනිමට ඔවුන් මැලි වෙයි. විශේෂ සිරමැදිරි තුල ව්‍යායාම හා අව්ව තැපීමට ලැබෙන්නේ දිනකට විනාඩි 45 ක් වැනි කාලයක්‍ ය. දවසේ ඉතුරු කාලසීමාව අදාල සිරමැදිරි තුලටම වී ඔවුනට ඉන්නට සිදු වේ. පුදුම ජීවීතයක් නේද...? උසාවි යන්නේ එස්.ටී.එෆ් ආරක්ෂාව සමඟිනි. දකින අයට ගෙන එන්නේ අමුතු මොරාල් එකකි. පාරේ වාහන හසුරුවා ඇමතිවරයෙකු පාරේ ගමන් ගන්නා ආකාරයේ විශේෂ ආරාක්ෂාවක්  මේ අපරාධකරුවන් ලබයි. මොවුන් මෙතැනින්ද නොනැවතෙයි. බන්ධනාගාරය තුල සිට ජංගම දුරකථන මඟින් අපරාධ මෙහෙයවයි.

කෝටිපති  ව්‍යාපාරිකයන් බිය කර කප්පම් ගනියි. ඇතැම්  විට බන්ධනාගාරය තුල සිට මත්කුඩු ජාවාරම් පවා ජයටම කරගෙන යයි.බන්ධනාගාරය තුල සිට සිදු කරන කප්පම් හා මත්කුඩු ජාවාරම් සඳහා මුදල් එක් රැස් කරන්නේ ඊ.සී කෑෂ් ක්‍රමයටය.මේ මුදල් මාරු කිරීම සඳහා ඇතැම් බන්ධනාගාර නිලධාරීන්ද අදාල අපරාධකරුවන්ට ආධාර අනුබල සපයයි.

බන්ධනාගාරය තුල සිටින මෙම අපරාධකරුවන්  සමහර වෙලාවට  එලියේ වාතාවරණය හොඳ නැති අවස්තාවලදි බන්ධනාගාරයේ බිත්තර හතර තමුන්ගේ ජිව්ත ආරක්ෂාව සඳහ යොදා ගන්නා අවස්තා එමට දැකිය හැකිය. තමුන්ට ඇප නියම වුවත් එම ඇප නොතබා බන්ධනාගාරය තුලට වී සිටින්නේ තමුන්ට එලියෙදි සපයා ගත නොහැකි ආරාක්ෂාවක් බන්ධනාගාරය තුලදි සැපයෙන නිසාය. නියම චණ්ඩින්  ජීවත් වෙලා ඇත්තේ ඈත අතිතයේය. මුහුණට මුහුණ සටන් කිරීම මඟින් සිය ප්‍රතිවාදීයා බිම හෙළා තම ජයග්‍රහණය සමරයි. වර්තමානයේ තම ප්‍රතිවාදියා විනාශ කිරීමට යොදා ගන්නේ කොහේ සිට හෝ සැඟවි සිට එල්ල කරන වෙඩි පහරක් හෝ බෝම්බ පහරකි. වර්තමානයේ ඉන්නා පාතලයේ චණ්ඩින්ගේ නියම ස්වරූපය මෙයින් ඔබට අවබෝධ කර ගත හැකි වේ. ඔබ ඈත අතිතයේ ජීවත් වු කෑරගල චීනා නැමැති පුද්ගලයා ගැන මෙයට පෙර මේ තොරතුරු අසා ඇත්දැයි මම නොදනිමි. චීනාගේ විශේෂත්වය වුයේ හිරගෙදර තාප්පයට බිම සිට බල්ටි ගැසිමේ හැකියාවයි. එහෙත් කෑරගල චීනා කවදාවත් හිරෙන් පෑන ගියේද නැත. ඔහු බන්ධනාගාරයේ ගාඩ් මහත්තුරු බය කිරීමට මේ ක්‍රියාව දිගින් දිගටම කරගෙන ගිය බව  ප්‍රකට කරුණකි. විසිල් ගසා බන්ධනාගාරයේ තාප්පයට ගොඩ වන චීනා නිලධාරීන්ගේ පෙරැත්ත මත ආපහු බිමට කරණම් ගැසිමට රුසියෙකි. අවසානයේ මහර බන්ධනාගාරයේ කෑරගල චීනා රඳවා තැබිම සඳහා හිරගෙයක් ඇතුලේ තවත් පුංචි හිරගෙයක් සැදීමට සිදු වු බව කොයි කවුරුත් දන්නා රහසකි. එම ආරාක්ෂිත කොටස වර්තමානයේදි  පවා "චිනය " යන නමින් හැදින්වේ. මේ පුංචි කතාව ඔබට කිව්වේ ඉස්සර හිටපු චණ්ඩි හා දැන් ඉන්න චණ්ඩි අතර වෙනස ඔබට පැහැදිලි කිරීමටය.

තවත් සිපිරිගෙයි කතාවකින් යලි හමු වෙමු...!