Sunday, June 27, 2021

ඇයි පෙම් කලේ අපි එක මලට...

 

ඇයි පෙම් කලේ අපි එක මලට...


 ඔන්න අද ලියන්න හිතුනා මගේ ජීවීතයේ කවදවත්  අමතක නොවන  සිදූවීමක් ගැන. මේක වුනේ උසස් පෙළ කරලා ප්‍රතිපල එනකම් ගෙදරට වෙලා හිටපු කාල සීමාවේදි.ගෙදරට වෙලා ඉන්න කොට ගොඩාක්ම කම්මැලියි. අපේ මල්ලි පොඩි කාලේ ඉදන් සංගීතයට,

ගායනයට වාදනයට ගොඩාක්ම දක්ෂයි. ඌ පාට් ටයිම් ජොබ් එකක් විදිහට ඉන්ටර්නෙට් රේඩියෝ එකක වැඩ කරා. 


අයියේ ඔයා ගෙදරට වෙලා ඉන්න එකේ ..අපිට සප් එකක් දෙන්නකෝ අපේ රේඩියෝ එකට..ඔයා දන්න ශිල්ප පෙන්වන්නකෝ..


ඔන්න ඉතින් ගෙදරට වෙලා නිකං හිටපු මම මල්ලිගේ අදහසට එකඟ වුනා. ඔන්න ඉතින් මල්ලී  මාව රේඩියෝ එකට එක්කගෙන ගෙනිහින් කට්ටියට හඳුන්වලා දුන්නා.ඔන්න ඒකේ ඉන්න Producer ගාවට දාලා ඉන්ටවීව් කරනවා.


ඔයාට මොන වගේ ටැලන්ට් එකක්ද තියෙන්නේ  මල්ලී...


මට ජ්‍යොතිෂය හා මනෝවිද්‍යාව පිලිබඳ දැනුමක් තියෙන නිසා ඒකට අදාල ප්‍රොගෑම් එකක් කරන්නම් කිව්වා.


ඔන්න ඉතින් producer  මැදිරියට එක්කගෙන ගිහින් පොඩි රියසල් එකකුත් කරලා බැලුවා  ඔයාගේ වොයිස් එකත් මරු කිව්වා. එහෙනම් දිගටම මේ ප්‍රෝග්‍රෑම් එක ඔයාට පුලුවන් විදිහට කරගෙන යන්න කිව්වා.


ඔන්න ඔයාගේ ප්‍රොගෑම් එක කරගෙන යන්න හොඳ  Announcer ගර්ල් කෙනෙක් දෙන්නම්...මේ ඉන්නේ ගීතාංජල නංගි ...මේ නංගි ඔයාගේ ප්‍රොග්‍රෑම් එකට හොඳටම ගැලපෙනවා...ලොකු දැනුමක් තියෙනවා එයාට..එයා එක්ක මේක කරගෙන යන්න කිව්වා.


ඔන්න ඉතින් සතියකට සැරයක් මම ප්‍රොග්‍රෑම් එක ඉන්ටර්නෙට් රේඩියෝ එකේ කරගෙන යනවා. ගීතාංජලි මරුවට වැඩේ ලස්සනට කරගෙන යන්න උදව් කරනවා මට. ඔන්ලයින් ඉන්න අයගේ ජ්‍යොතිෂය ගැටලු අරගෙන ඒවාට ඒ වේලේම පිලිතුරු දෙනවා ප්‍රොගෑම් එකෙන්. ගීතාංජලි ගොඩාක්ම චාම් වගේම අහිංසකයි, හැඩයි. මේ ප්‍රෝග්‍රෑම් කරගෙන යන මැදිරියේ ඉන්නේ අපි දෙන්නා විතරයි. රේඩියේ චැනල් එකේ  Audience ට අහන්න සිංදවක් අහන්න සිංදුවක් දැම්මාම මයික් ඕෆ් කරලා අපි කතා කරනවා. එයාගේ ජීවීතය ගැන ගොඩාක් දේවල් මට කියනවා.මගේ දේවලුත් එයාට කියනවා.අපි ගොඩාක්ම ලං වුනා නොහිතපු විදිහට.  සතියකට සැරයක් විතරක් ගිය මම දැන් සතියට තුන්පාරක් වගේ ගිහින් ඒ ප්‍රොග්‍රෑම් එක  කරනවා. දන්නේ නැතුවම මගේ හිතේ ගීතාංජලි ගැන ආදරයක් ඇති වුනා.


ඔන්න දවසක් ගීතාංජලි කිව්වා


අයියේ මගේ කේන්දරේ පොඩ්ඩක් බලලා විස්තර ලියලා දෙන්නකෝ...කිව්වා.


හරි ගෙන්ත් දෙන්න මම ලියලා දෙන්නම් කිව්වා.


කේන්දරය ගෙනත් දුන්නා. කේන්දරයේ හැටියට මං හිතාගෙන හිටිය ගති ලක්ෂණමයි එයාට තියෙන්නේ. එයාගේ හිත හා ආදරය ගොඩාක්ම පිවිතුරු එකක් කේන්දරේ හැටියට. මට ගැලපෙනම කෙනා දැන් ලැබිලා තියෙනවා කියලා දැනුනා. අපි දෙන්නගේම ගුරු  7 හිටියේ. 



මගේ හිතේ ගීතාංජලිට තියෙන ආදරය ප්‍රකාශ කරගන්න බැරුව හිටියේ. ඔන්න ඒකට හොද අවස්තාවක් කරගත්තා මේක. කේන්දරේ විස්තරේ එක්ක මං ලව් ලෙටර් එකකුත් එයාට ලියලා එයාගේ අතටම ගිහින් දුන්නා. ඒ විතරක් නොවෙයි මගේ හිතේ තියෙන ආදරය වචනවලට හරවලා  එයාට ප්‍රකාශ කලා. 


ඒ ලියුම  මුලින්ම පටන් ගත්තේ...නිම් හිම්...සෙව්වා මා සසරේ...කියලායි..මට අදටත් ඒක හොඳටම මතකයි.


මේ හැම එකක්ම ඉදිරියේ එයාගේ මූනේ තිබ්බේ ප්‍රේමණිය හිනාවක් පමණයි.  කිසිම පිලිතුරක් ලබා දුන්නේ නැහැ. 


ඔයාට නම් පිස්සු අයියේ කිව්වා කියලා.


ඔන්න ඉතින් අර ප්‍රොග්‍රෑම් කරන්න වෙනදාට ආපු ගීතාංජලි දැන් එන්නෙත් නැහැ .මාව මඟ හරිනවා. වෙන ගර්ල් කෙනෙක් ආවේ.අනේ මන්දා මටත් අවුල් ඉතින්.


දවසක් මගේ මල්ලී මට කතා කලා. 


අයියේ ඔයා ගීතාංජලිට ලව් ලෙටර් එකක් දුන්නද.


ඔව් මල්ලී ...මම දුන්නා ඇයි..


ඔයා එයාට දුන්න ඒ ලියුම ගීතාංජලි මට ගෙනත් දුන්නා .. වෙච්චි හැමදේම මට කිව්වා..මායි ගිතාංජලියි ලව් කරන්න පටන් අරගෙන දැන් මාස 06 ක් වෙනවා..ඔයා දුක් විදින්න හැටි මට බලාගෙන ඉන්න බැහැ ...මං ගීතාංජලිට කිව්වා ඔයාට කැමැති වෙන්න කියලා..


අනෙ පිස්සුද මල්ලී..ඔයාලගේ ලස්සන ලෝකේ මට විනාශ කරන්න ඕනේ නැහැ ..මං එහෙම දෙයක් දැනගෙන හිටියෙත් නැහැ ...ගීතාංජලි මට එහෙම දෙයක් කිව්වෙත් නැහැ. 


එහෙම කියද්දි මට ඇඬුනා. ඒක දිහා බලාගෙන ඉන්න මල්ලිත් දැන් අඬනවා.


අයියේ මං..මේක නවත්වනවා...මට අයියා වටිනවා..ගිතාංජලිට වඩා...ඔයා එයාට ලව් කරන්න ..


නැහැ බන් මට එපා ...උබම කරගෙන පලයන් ඒක..


ඊට පස්සේ මේ සිදූවීමෙන් පසු  මම රේඩියෝ ප්‍රොගෑම් එක කරන්න ආයේත් පැත්ත පලාතේ  ගියේ නැහැ .ඒත් ගිතාංජලිව කවදවත් අමතක වෙන්නේ  නැහැ.  ඒ මගේ ජීවීතයේ කෙල්ලෙක්ගෙන් ආදරය ඉල්ලපු පලමු අවස්තාව වන මෙය නිසායි. 


අන්තීමේදි ගීතාංජලි මට ලැබුනෙත් නැහැ ..මගේ මල්ලීට ලැබුනෙත් නැහැ..


ඔබගේ වටිනා අදහස් ප්‍රතිචාර මෙහි සටහන් කරන්න.අලුත් කතාවකින් නැවත හමු වෙමු...


©සංකල්ප හේරත්       2021-06-27 



 




No comments:

Post a Comment